anura-kumara-speaks



අද ශ්‍රී ලංකව පත්වෙලා තියන සමාජ ආර්ථික හා දේශපාලන පිරිහීමට මුලින්ම වගකිව යුත්තේ ජේ.ආර් ජයවර්ධන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානයක මහතා රැස්වීමක් අමතමින් ප්‍රකාශ කළේය.



ජේ.ආර් ජයවර්ධන රටට විවෘත ආර්ථිකයක් හඳුන්වාදීමත් සමඟ රටේ සමස්ථ අර්ථිකය හැකිළුණු බවත් ලංකාව අනන්‍ය වූ නිෂ්පාදන හා කර්මාන්ත වසා දැමීම සිදුවුන බව අනුර කුමාර දිසානයක මහතා ප්‍රකාශ කළේය.

යුනික් රේඩියෝ, කාර් නිෂ්පාදන ආයතන, කඩදාසි නිෂ්පාද අයතන, තුල්හිරිය රෙදි ජනපද, ලෝහ කර්මාන්තශාලා, පොහොර කර්මාන්තශාලා, සපුගසක්න්ද පොහොර නිෂ්පාදන ආයතන ආදි දේශිය නිෂ්පාද ආයතන රැසක් වසා හා විකුණා දමා ජේ.ආර් ලංකාවෙ ආර්ථ්කය හැකිලුයේය.



ජේ.අර්ගෙන් පසු බලයට පත්වුන රණසිංහ ප්‍රේමදාස ප්‍රකාශකළේ ඔහුට ඉංජිනේරුවො වැඩක් නැහැ වඩුබාස්වරු හිටියම ඇති කියාය. ඉංජිනේරුවො කියන්නේ අලුත් දේවල් සැලසුම්කරනඅය වඩුබාස්වරු යනු ඉංජිනේරුවො සැලසුම්කරන දේ ඉදිකරන පිරිස. ප්‍රේමදාසටද අවශ්‍යවුනේ අලුත් දේවල් සැලසුම්කරන නිර්මාණශිල්පියො රටේ නැතිකිරීමටය.

ප්‍රේමදාසගෙන් පසු බලයට පත්වුන චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රකාශකලේ කලා උපාධිය හදාරලා කන්නද කියලා ?


ජේ ආර්, ප්‍රේමදාස ,චන්ද්‍රිකා යන තිදෙනාම ස්ව ශක්තියෙන් ලංකාව ගොඩනගා ගැනීමට තිබුන අවස්ථා රටට අහිමිකරලා ඒ සියලු දේවල් පිටරටින් ලංකාවට ගේන්න පටන්ගත්තේය

මේ නිසා සල්ලි පස්සෙම දුවන රටක් බිහිවුන අතර මනුස්සකමක් අදුරන්නෙ නැති කිසිම සංවේදි කමක් නැති කලාවක් සාහිත්‍යයක් අදුරන්නෙ නැති මිනිස්සු බිහිවුණේය.

පොලීසිය පාසල් රෝහල් වැනි රටේ ප්‍රධාන ආයතන මේ නිසා බිදවැටුන අතර මුදල් සහ ආත්මාර්ථකාමී පදනම යටතේ සියලුදෙනා ක්‍රියාකරන්නට විය.මේ වෙද්දි බෞද්ධ විහාරස්ථාන තුළින්ද විවිද සිදුවීම් වාර්තාවී තිබෙනවා.සමස්ථ සමාජයම නරක්වෙලා තිබෙනකොට බුද්ධ සාසනය විතරක් රැකිලා තියෙන්න නැහැ කියලා දැන් අපිට ඔප්පුවෙමින් තිබෙනවා.

 ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා යන තිදෙනාගෙන් පසු බලයට ආපු රාජපක්ෂ යුගයද එහි දිගුවක් බව දිසානයක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රාජපක්ෂවරු ජනතාව වෙනුවෙන් කිසිවක් නොකල අතර ඔවුන් සුරසැප විදිමින් සතුටින් ජීවිත ගතකළේය.



දැන් මෙම ක්‍රමය වෙනස්කරීමට කාලය එළඹ ඇති අතර ඒ වෙනස කරන්න පුලුවන් එකම පිරිස ජනතා විමුක්ති පෙරමුණ හෙවත් මාළිමාවට පමණක් බව අනුරකුමාර දිසානයක මහතා ප්‍රකාශ කළේය.