
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ හිටපු විභාග කොමසාරිස් ජනරාල්වරයකු වූ ආතර් වෙදමුල්ල මහතා පෙරේදා (24) අභාවප්‍රාප්ත විය. මියයන විට 92 වියෙහි පසු වූ වෙදමුල්ල මහතා දෙදරු පියෙකි. වර්ෂ 1931 අප්‍රේල් මස 01 වැනි දින දෙවුන්දරදී උපත ලැබූ වෙදමුල්ල මහතා දෙවුන්දර දාපුළුසෙන් කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවේය. දෙවුන්දර ද්විභාෂා විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතිකය සමත් වූ හෙතෙම ගුරුවරයකු ලෙස දිවයිනේ පාසල් ගණනාවක සේවය කළේය.
ගුරුවෘත්තියේ නියැලෙන අතරතුර විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලන උපාධිය සම්පූර්ණ කළ වෙදමුල්ල මහතා 1965 වසරේදී විභාග දෙපාර්තමේන්තුවේ සේවයට එක්වූයේය.වෙදමුල්ල මහතා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සහකාර විභාග අධිකාරී තනතුරේ සිට විභාග කොමසාරිස් ජනරාල් තනතුර දක්වා උසස්වීම් ලැබීය. දේහය කිරුළපන අමරසේකර මාවතේ අංක 27/A/1 දරන නිවසෙහි තැන්පත් කර තිබෙන අතර, අවසන් කටයුතු අද (26) පස්වරු 4.30ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval