aswesuma-death

රජයේ අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීමට අවශ්‍ය ලියකියවිලි ලබාදීමට ෙපා්ලිමක රැඳී සිටි රාමකම් කුලන්දවේලු (78) නමැති දෙදරු පියකු ඊයේ (27) පෙරවරුවේ ඇදවැටී මියයාමේ සිදුවීමක් වාර්තාවේ.
 මෙසේ QR කේතය ලබාගැනීමට ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පෝලිමේ රැඳී සිටි මොහු නමුණුකුල පිංඅරාව වත්තේ කර්මාන්ත ශාලා කොටසේ පදිංචිව සිටි අයෙකි.



දිළිඳු ජනතාවට රජයෙන් දෙන අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි බාර දී ඊට අදාළ කිව් ආර් කේතය ගැනීමට ඔහු ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඊයේ උදේ පැමිණ පෝලිමේ රැඳී සිටියදී ඔහු එක් වරම බිමට ඇද වැටී ඇතැයි පොලිසිය කියයි.
ඒ වන විට 150ක පමණ පිරිසක් පෝලිමේ සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.
පසුව 1990 සුව සැරිය ගිලන් රථයක් ගෙන්වා රෝගියා රෝහලට ගෙනයාමට සූදානම් වුවද ඔහු ඒ වන විටත් මියගොස් සිටි බව පොලිසිය කියයි.
ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය ඇල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක එස්. ජයසේකර මහතා පැමිණ නිරික්ෂණ සටහන් කරගෙන දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල මහ රෝහලට රැගෙන යන ලෙසට පොලිසියට නියම කළේය.
පශ්චාත් මරණ පරීක්ෂණය බදුල්ල මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.


බණ්ඩාරවෙල පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහන, පොලිස් අධිකාරි බී.එම්.එම්. දසනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටී.කේ.යූ. ඩබ්ලිව් අබේගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීහු මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.