aswesuma-sb

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පොදු ජන පෙරමුණේ පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය.

"විදේශීය ණය ප්‍රතිව්‍යූහගත කරනයෙන් අපි හිතනවා 2.4% විතර ණය බරින් නිදහස් වීමක් කර ගන්න පුළුවන්. 2014 ඉඳලා අපි අයබදු අය කිරීමක් කරා ලාභයෙන්. 11% විතර බදුඅය කිරීමක් කරා. 2018 පස්සේ ඒක 18%ක බදු අය කිරීමකට ගියා.

අර්ථ සාධක අරමුදළට හා අරමුදල් වලට එහෙම ලොකු ආදායමේ අඩු වීමක් සිද්ධ වෙන්නෙ නෑ. බැංකු ශක්තිමත්ව පවත්වා ගැනීම අපිට අත්‍යවශ්‍ය කාරණයක් නිසා මේක කරන්න පුළුවන් ඉතාම හොඳ මට්ටමෙන් කරයි කියලා කියන්න පුළුවන්.

මේ රටේ සේවකයෙක් බොරු තොරතුරු මත යම්කිසි තීන්දුවක් ගත්තොත් ඔහුට දඬුවම් කරන්නත් නීතියේ තියෙනවා. අස්වැසුම පිළිබඳව ආ ඒ ගැසට් එකේ අසත්‍ය තොරතුරු සැපයීම සම්බන්ධව කියපු වාක්‍යයක් නිසා කලබල වෙච්ච ග්‍රාමසේවා නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් මේ අය සියළු දෙනාම මේ වැඩේ කරන්න බෑ කියලා අයින් වුනා. මේ පිළිබඳව වෘත්තීය සමීක්ෂණ නිලධාරියෙක් මං. ආදාර සඳහා ඉදිරිපත් කරන තොරතුරු ප්‍රවේශමෙන් කරන්න.



මොකක් හරි ආර්ථික වැඩසටහනකුත් එක්ක දුප්පත්කම වෙනස් කරන්න පිළිබඳව උත්සහයක් ගත්තේ ප්‍රේමදාස ජනාධිපතිතුමා. ඊට පස්සෙ 94 බලයට ආපු අපි සමෘද්ධි ව්‍යාපාරය හැදුවේ බොහොම විද්‍යාත්මක පදනමකින්. සමෘද්ධිය තියෙනවා 1090ක් බැංකු.  25,000 ඉඳලා ලක්ෂ 20 දක්වා ණය හැම මාසෙකම දෙනවා. නොබෙල් ත්‍යාගය දිනපු දුප්පත්කම ගැන ලියපු ඒ නිබන්ධනයේ තියෙන ප්‍රධාන කාරණා, අපි සමෘද්ධිය මෙහේ නිර්මාණය කරා.  38% කට විතර 94දී ගෙවල් වල විදුලිය තිබ්බෙ නෑ. අද 2%කට තමයි නැත්තේ. මේ රටේ දුප්පත්කමේ විශාල පරිවර්ථනයක් වුනා."