bandara-sashika-nisansala

ප්‍රවීණ ගායිකා ශෂිකා නිසංසලාගේ කටහඬින්ම ගීත ගයන්නට හැකි බණ්ඩාර නමැති පුද්ගලයා ඇගේ ගීත නැවත ගායනා කර අන්තර්ජාලයට එක්කර තිබේ. ඔහුගේ ගායනය නිහතමානී ලෙස අගයමින් ශෂිකා නිසංසලා ඊයේ (22) රාත්‍රී රූපවාහිනී වැඩසටහනකදී අදහස් දක්වා තිබේ.
‘බණ්ඩාර ඉතාම හොඳින් ගායනා කරනවා. මම දැක්ක සමහර තැන්වල කියල තිබුණ මේ ඔහු මගේ ගීත තමයි ගොඩක් ප්‍රිය කරන්නේ කියලා.මට ඒ ගැන සතුටුයි. දැන් මගේ ගීත ඕන තරම් ගායනා කරන අය ගැන දැකල තියනවා විවිධ අවස්ථාවල. හැබැයි දැන් මේ මහත්මය තමයි අර මගේ වේරියේෂන්ස් පවා ඒ ඒ විදිහටම ඉදිරිපත් කරන්නෙ.
ඒ විදිහටම ඉතාම  ලස්සනට ගායනා කරනවට මට හරි සතුටුයි. ඇත්තටම මට අවස්ථාවක් හම්බුණොත් මං ඔහුව මුණ ගැහෙනවා.
දැන් මම දකිනවා වේදිකාවේ හෝ වෙනත් වැඩසටහන්වල හෝ තරගවල හෝ මගේ ගීත ගායනා කරනවා මම නම් කැමතී. සමහර ගායන ශිල්පීන්  අකමැති ඇති.. හැබැයි මම ඒකට කිසිම අකමැත්තක් නැහැ.



මම හරිම ආසයි මොකද ගොඩක් ආස ගීත ගයල තමයි මමත් ආධුනික ශිල්පිනියක් කාලේ උඩට ආවේ. මමත් ප්‍රවීණ ශිල්පිනියන්ගේ ගීත ගායනා කළා ඒ ගොල් මට මොකුත් කිව්වෙ නෑ. මම සුජාතා අත්තනායක මහත්මියගේ ගීත ගයන කාලයේ එතුමියත් මට පුවත්පතක පවා මාව අගය කරලා තිබ්බ.. වැඩසටහන් වලත් එහෙම කරල තිබ්බා.
ඊළඟට නිරෝෂා අක්කාගේ ගීත මම ගායනා කළා. ඇය ඉන්න වේදිකාවලදිත් මම ගායනා කරද්දි අනේ නංගි කිසි ප්‍රශ්නයක් නැහැ ඔයා කියන්න කිව්වා.
ඒ වගේ මේ මම ආසයි මගේ ගීත වෙනත් අය ගායනා කරනවට.
හැබැයි පොඩි දෙයක් කියන්න ඕනේ දැන් ගායන ශිල්පිනියන් අපේ ගීත ගායනා කරනවා. ඒක හොඳයි හැබැයි හැමදාම ආධුනික ශිල්පිනියක් විදියට ඉන්නෙ නැතිව තමන්ගේ නිර්මාණ හදාගන්න ඕනේ ඒක තමයි තමන්ගේ ගමනට ශක්තියක් වෙන්නේ.හරිම ආසයි ඇත්තටම අපි ඔහුට සුභ පතනවා.“
 

බණ්ඩාර ගයන ශෂිකාගේ ගීතයක් පහතින්