ඉතා රහසිගත ලෙස ගබඩා කර තිබූ පුපුරන ද්‍රව්‍ය තොගයක් බණ්ඩාරගම ගුන්ගමුව කළු ගල් මෝලකින් සොයාගත් බව කළුතර අපරාධ කොට්ඨාසය කියයි. එම පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බව කියන පුද්ගලයකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.ඇමෝනියා කිලෝ 8යි ග්‍රෑම් 500ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 444ක්, ඩෙටනේටර් 45ක්, වෝටර් ජෙල් කරල් 23ක් සහ විවිධ ප්‍රමාණවලින් යුත් සේවා නූල් කොටස් 14ක් ද එහි තිබී පොලිස් භාරයට ගෙන ඇත.නීති විරෝධී ආකාරයෙන් පුපුරන ද්‍රව්‍ය තොගයක් සඟවා ඇති බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් (77780) සම්පත් මහතාට ලැබුණු තොරතුරක් අනුව, දින ගණනාවක් මුළුල්ලේ සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව, මෙම වැටලීම කර ඇත.
කුඩා කබඩ් එකක ඉබි යතුරු දමා සඟවා තිබියදී එම පුපුරන ද්‍රව්‍ය තොගය සොයාගත් පොලීසිය, ඊට අදාළ බලපත්‍රය සැකකරුගෙන් ඉල්ලා සිටියත්, කිසිදු බලපත්‍රයක් ඉදිරිපත් සැකකරු අපොහොසත් වූ බව පොලීසිය කියයි. නීති විරෝධී ආකාරයෙන් ගබඩා කර තිබූ මෙම පුපුරන ද්‍රව්‍ය තොගය කිසියම් අපරාධයක් කිරීමේ අරමුණින් ගබඩා කර තබා ගත්තා ද, එසේත් නැති නම්, මුදලට අලෙවි කිරීම සඳහා ගබඩා කර තබා ගත්තා ද යන්න පිළිබඳව විමර්ශනය කරන බව පොලීසිය පවසයි. සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
0 Comments