bemmulla-incident

බෙම්මුල්ල, අලුත්ගම - බෝගමුව ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක සිවුවන මහලින් වැටී එක්දරු මවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව බෙම්මුල්ල පොලීසිය සඳහන් කරයි.



චතුරිකා මදුෂානී අබේරත්න (31) නමැත්තියක මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය තැනැත්තිය සැමියා සහ දරුවා සමග අදාළ නිවාස සංකීර්ණයේ නිවසක් කුලියට ගෙන වාසය කොට ඇති අතර පෙරේදා (16දා) රාත්‍රී 11 ට පමණ නිවසේ සිවුවන මහලින් බිමට වැටී ඇති බවත් සැමියා විසින් ඇය ගම්පහ රෝහලට ඇතුළත් කරනවිට මියගොස් ඇති බවත් පොලීසිය පවසයි.

බෙම්මුල්ල පොලීසියේ වැඩබලන පොලිස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ආර්.එම්.පී.ඒ.රණවීර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.