Taliban-orders-closure-of-salons-in-Afghanistan

කාන්තාවන් මුහුණ දෙන නවතම සීමාවන් තුළ ඇෆ්ගනිස්ථානයේ හිසකෙස් සහ රූපලාවන්‍යාගාර වසා දමන ලෙස තලේබාන් සංවිධානය නියෝග කර තිබෙන බව බීබීසී වාර්තාවක දැක්වේ.
මිනිස්ට්‍රි ෆ්‍රෝ ද ප්‍රොපගේශන් ඔෆ් වර්චුව් ඇන්ඩ් ද ප්‍රිවෙන්ශන් හී Ministry for the Propagation of Virtue and the Prevention ප්‍රකාශකයෙක් බීබීසී වෙත කියා ඇත්තේ මෙම පියවර ගැන මුල්ම වතාවට දැනුම් දුන් ජූලි 2 වන දා ඉදලා ආරම්භ වෙන්න මාසයක කාලයක් තිබෙන බවයි.

2021 දී තලේබාන් සංවිධානය බලය අල්ලා ගත් පසු කාන්තා නිදහස ක්‍රමයෙන් නැතිව ගොස් තිබේ.

තලේබාන් සංවිධානය නව යොවුන් වියේ ගැහැනු ළමයින්ට සහ කාන්තාවන්ට පන්ති කාමර, ව්‍යායාම මධ්‍යස්ථාන සහ උද්‍යානවලට ඇතුළු වීම තහනම් කර ඇති අතර මෑතකදී ඔවුන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ කිරීම පවා තහනම් කර තිබේ.

තලේබාන්වරු කාන්තාවන්ගේ ඇස් පමණක් පෙනෙන ආකාරයට ඇඳ පැළඳ සිටිය යුතු බවත්, ඔවුන් කිලෝමීටර් 72 (සැතපුම් 48) ට වඩා වැඩි දුරක් ගමන් කරනවා නම් පිරිමි ඥාතියෙකු සමඟ යා යුතු බවත් නියෝග කර තිබේ.



මේ සම්බන්ධයෙන් කාන්තාවන් මෙන්ම ඔවුන් වෙනුවෙන් කතා කරන ක්‍රියාකාරීන්ගේ ජාත්‍යන්තර හෙලාදැකීම් සහ විරෝධතා එල්ල වුනත් ඒවා නොතකා මෙම සීමාවන් දිගටම පැවතෙයි.

රූපලාවන්‍යාගාර වසා දැමීම 1996 සහ 2001 අතර තලෙයිබාන්වරුන් අවසන් වරට බලයේ සිටියදී පනවන ලද පුළුල් පරාසයක තහනම් ක්‍රියාවලියකි. නමුත් 2001 එක්සත් ජනපදය ප්‍රමුඛ වී ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමෙන් පසු වසර කිහිපය තුළ රූපලාවන්‍යාගාර නැවතත් විවෘත විය.

නව වසා දැමීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්, නිර්නාමිකව කතා කරන ඇෆ්ගන් කාන්තාවක් බීබීසීයට පැවසුවේ :
“තලෙයිබාන්වරු ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගෙන් මූලික මිනිස් අයිතිවාසිකම් පවා උදුරා ගනිමින් සිටිනවා වගේම
ඔවුන් කාන්තා අයිතීන් කඩ කරනවා.මේ තීන්දුවෙන් දැන් කාන්තාවන්ට වෙනත් කාන්තාවකට සේවය කිරීම අහිමි කරනවා. ඒ ආරංචිය ඇසූ මම සම්පූර්ණයෙන්ම කම්පා වුණා". යනුවෙනි.

මෙයින් දක්නට ලැබෙන්නේ තලෙයිබාන්වරු සතුව දේශපාලනික සැලැස්මක් නැති බවත්,

මූලික අරමුණ කාන්තාවන්ගේ ශරීරය බවට පත් කරගෙන තිබෙන බවයි. ඔවුන් උත්සාහ කරන්නෙ පොදු ජීවිතයේ සෑම තරාතිරමකින්ම කාන්තාවන් ඉවත් කරන්නටය.
එක්සත් ජනපද හමුදා ඉවත් කර ගැනීමෙන් වසර දෙකකට පසු තලේබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසුව පවා රූපලාවන්‍යාගාර විවෘතව පැවතුණි. නමුත් සාප්පු ජනේල බොහෝ විට තිබුනෙ වසා දමාය , එමෙන්ම  රූපලාවන්‍යාගාරවලින් පිටත ප්‍රදර්ශනයවී තිබුණු කාන්තාවන්ගේ මුහුණු වල තීන්ත ආලේප කර තිබුණි.

තලේබාන් සංවිධානය මෙහෙම කරන්න හේතුවක් හෝ, රූපලාවන්‍යාගාර වසා දැමූ පසු කාන්තාවන්ට ගත හැකි විකල්ප හෝ  දක්වා නැත.

නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි තවත් ඇෆ්ගන් කාන්තාවක් BBCවෙත කිව්වේ කාබුල් සහ වෙනත් තැන්වල කොණ්ඩා මෝස්තර වසා දැමීමට ගත් තීරණය ඇගේ මිතුරන් විසින් තහවුරු කර තිබෙන බවයි.
 "ඒක ඇෆ්ගන් කාන්තාවන්ට කම්පන සහගත පුවතක් "  වුනා කියලා. ඒ වගේම "මම පිටතට ගිහින් එනකොට මගේ ප්‍රදේශයේ සියලුම රූපලාවන්‍යාගාර වසා දමා ඇති ආකාරය මම දැක්කා." කියා ඇය තව දුරටත් පවසා තිබේ.