Sri-Lankan-woman-crosses-borders-to-marry-Indian-man-plans-to-stay-in-India

විස්පස් හැවිරිදි ශිවකුමාරි විග්නේෂ්වරි නමැති ශ්‍රී ලාංකික කාන්තාව දේශසීමා මායිම් හරහා ප්‍රේමවන්තයෙකු සොයාගෙන ඉන්දියාවට සංක්‍රමණය වීම ගැන ඉන්දීය මාධ්‍ය තුළ පුළුල් ප්‍රචාරයක් ලබාදී ඇත.
මෙවැනි සිදුවීම් පිළිබඳ කතා රාශියක් ප්‍රචලිතව ඇති බවත් මෑත කාලීන වඩාත්ම විස්තරාත්මක  කතාව වන්නේ ශ්‍රී ලංකාවේ සිය විසි අට හැවිරිදි ෆේස්බුක් මිතුරා  ලක්ෂ්මන් සමඟ විවාහ ගිවිස ගැනීම සඳහා ඉන්දියාටව චිත්තූර් දිස්ත්‍රික්කයට ගිය විග්නේෂවරී ගැන කතාවයි.


මෙ අවුරුදු 06 ක ප්‍රේම කතාවකි.
ලක්ෂ්මන් විග්නේෂ්වරී 2017 වසරේ සිට ෆේස් බුක් මිතුරන් වූ බව කියැවේ.
ආදර කතාව වසර ගණනාවක මිත්‍රත්වයකින් පසු දෙදෙනාගේ සම්බන්ධය ඊළඟ මට්ටමට ගෙන ගිය එකකි.
අවසානයේ දෙන්නා එක්වීමට තීරණය කළ අතර පෙම්වතා ඉන්දියාවට එන්නට ඇයට ආරාධනා කළේය.
සංචාරක වීසා මත ඉන්දියාවට ගිය විග්නේෂ්වරී ආන්ද්‍රා ප්‍රදේශ්  පදිංචි 28 හැවිරිදි ලක්ෂ්මන් සමඟ විවාහ ගිවිස ගත්තාය. කෙසේ වෙතත්, The Times of India වාර්තා කළ පරිදි, ඇයගේ රැඳී සිටීමේ කාලය දීර්ඝ කිරීමක් අපේක්ෂා නොකරන්නේ නම්, ඇයගේ වීසා බලපත්‍රය අගෝස්තු 15 දින අවසන් වූ පසු ඇය රට හැර යා යුතු බව ඇයට දන්වා ඇත.



චිත්තූර් දිස්ත්‍රික්කයේ පොලිස් අධිකාරී (එස්පී) වයි රිෂාන්ත් රෙඩ්ඩි මේ සම්බන්ධයෙන් කාන්තාවට නොතීසියක් ලබා දුන්නේය. විග්නේශ්වරී ඉන්දීය පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වන අතර පුවත්පත් වාර්තා අනුව ඇයගේ රැඳී සිටීමේ කාලය වසරක දීර්ඝ කිරීම සඳහා දැනටමත් ඉල්ලුම් කර ඇත.

ජූලි 8 වැනිදා විග්නේශ්වරී ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රදේශයට පැමිණීමෙන් පසු ජූලි 20 වැනිදා කෝවිලක විවාහ වූ බවත් විවාහය නිල වශයෙන් ලියාපදිංචි කරන ලෙස පොලිසිය ඔවුන්ට උපදෙස් දී ඇති බවත් වාර්තාවිය.

පකිස්ථානයේ සිව්දරු මවක් වන හයිඩර් 2019 දී PUBG ක්‍රීඩා කරන අතරතුර සම්බන්ධ වූ හින්දු ජාතික සචින් මීනා සමඟ ජීවත් වීමට ඉන්දියාවට රහසිගතව ඇතුළු විය.