central-bank-bomber-president-pardon

පුද්ගලයින් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් 1996 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුවට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වරදකරු වී වසර 200 ක සිර දඬුවම් නියමවී සිටි එල්.ටී.ටී.ඊ. සැකකරුවෙකු හට රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති සමාව පිරිනමා ඇතැයි වාර්තාවේ.



සෙල්ලයියා නවරත්නම් නැමති මෙම පුද්ගලයාට යහපත් කල්ක්‍රියාව මත පදනම්ව ජනාධිපති සමාව ලබාදී ඇත.
මීට අමතරව බන්ධනාගාර ගත කර සිටි එස්. සන්මුගරාජා නැමති තවත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු හටද යහපත් කල්ක්‍රියාව මත ජනාධිපති සමාව ලබාදී ඇතැයි වාර්තාවෙයි.
ඒ අනුව ඔවුන් පසුගිය 18 වනදා බන්ධනාගාරයෙන් නිදහස් කර යවා ඇත.