china-giant-buddha-damaged-by-fire

චීනයේ වයඹ දිග ගන්සු ප්‍රාන්තයේ ඇති වූ ගින්නකින් යෝධ බුද්ධ ප්‍රතිමාවකට හානි සිදුව තිබේ. සමාජ මාධ්‍යවල පැතිර ගිය වීඩියෝ දර්ශන අනුව සඳුදා අලුයම ගිනිදැල්වලින්  ෂැන්ඩන් මහා බුද්ධ විහාරයේ ප්‍රතිමාව  විනාශවී ඇති අයුරු පෙන්නුම් කළේය.
කෙසේ වෙතත් ගින්න නිවා දැමීමෙන් පසුව, පිළිමය අර්ධ වශයෙන් නොවෙනස්ව පවතින බව පෙනෙන්නට තිබුණද, විහාරගෙය ඇතුළත හානි සිදුව ඇත.
මෙම ප්‍රතිමාව  ක්‍රිස්තු වර්ෂ 425 පමණ ඈතට දිවෙන ඉතිහාසයක් ඇති එකක් වන අතර 1998 දී නැවත ප්‍රතිසංස්කරණය කර ඉදිකරන ලද්දකි.
චීනයේ සංස්කෘතික විප්ලවය අතරතුර හානි සිදුවීම නිසා එම ප්‍රතිසංස්කරණය සිදු කළ බව කියැවේ.
ගින්නෙන් ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති අතර ගින්න සම්බන්ධයෙන් පරික්ෂණ ක්‍රියාත්මකයි.
මෙම විහාරස්තානය මීට වසර දෙකකට පමණ පෙර භූමිකම්පාවක් නිසාද කොටසක විනාශයකට ලක්විය.