cinopec-sri-lanka

චීනයේ සයිනොපෙක් සමාගම සමග ඇති කරගත් ගිවිසුමට අනුව පළමු ඉන්ධන තොග ඇණවුම ලබන මස මුල් සතිය වන විට මෙරටට ළඟා වනු ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පැවසීය.

සියලුම සමාගම්වලට බලපාන පරිදි මිල සූත්‍රය භාවිත කරමින් ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත්,

රටට ප්‍රතිලාභ අත්කරදෙමින් ඉන්ධන සැපයීමේ තරගකාරීත්වයක් ඇති කිරීම එහි ප්‍රධාන අරමුණ බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඉදිරියේ දී සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර ඊට සාපේක්ෂව කිව්.ආර්. කේතය පිළිබඳ තීරණය ගැනීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මගකට' මැයෙන් ඊයේ (23දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

පළමු වරට මේ වසරේ මුල් මාස 6 තුළ පමණක් ඉන්ධන සමාගම්වලින් ප්‍රමාද ගාස්තු වශයෙන් ඩොලර් මිලියන 13ක් මෙරටට ලැබීමට ඇති බවත්, එහි පළමු වාරිකය වශයෙන් ඩොලර් මිලියන 3ක් ලබන 18වැනිදාට පෙර අය කර ගැනීමට කටයුතු කරගෙන යමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

ඉතිරි ඩොලර් මිලියන 10ක මුදල සම්පූර්ණයෙන්ම සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඉන්ධන තරගකාත්වය ඇති කිර්මට ලියාපදිංචි වී සිටින සමාගම්වලින් බැහැරට ගොස්, ජාත්‍යන්තරයේ ලියාපදිංචි ප්‍රධාන සමාගම් තුනක් සමග ගිවිසුම් අත්සන් කර තිබෙන බවත්, මෙමගින් තරගකාරීත්වයක් මෙන්ම පවතින ඩොලර් ගැටලුවටද හොඳ විසඳුමක් ලැබෙන බවත්, ඒ අනුව වසරක් ඇතුළත පිටරටට ඇදී යන ඩොලර් බිලියන 1.5ක් වළක්වා ගැනීමේ හැකියාව ලැබෙන බවත් ඔහු පැවසීය.

නවෝද්‍යා  පවනි