කොළඹ 07 බාන්ස් පෙදෙසේ හිමිකාරත්වය පිළිබඳ අවිනිශ්චිත බවක් ඇති අක්කර භාගයක පමණ වපසරියක් ඇති නිවසක් සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.
හටගත් ආරවුලක් දුරදිග යෑමෙන් ඊයේ (7) රාත්‍රී මෙම ස්ථානයේ වෙඩි තැබීමක්ද සිදුව තිබෙන අතර කුරුඳුවත්ත පොලීසිය පුද්ගලයින් 26 දෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තාවන ආකාරයට මෙම දෙපිරිසටම එම නිවස හා ඉඩම පිළිබද හිමිකමක් නැත. මොවුන් ව්‍යාජ ලෙස මෙහි අයිතිය පවරාගැනීමට උත්සාහ දරා ඇති බව පොලිසිය පවසයි.
අවස්ථා කිහිපයකදීම ගැටුම් ඇතිකරගෙන ඇති අතර අසල්වාසීන් කළ පැමිණිලි මත පොලිසිය විමර්ශන කරන්නට එහි යන විටත් දෙපිරිස අතර ආරවුලක් පැවැති බව වාර්තා වෙයි.
පසුව පොලීසිය මැදිහත්වී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබේ.
තත්ත්වය පාලනය කිරීමෙන් පසු පොලීසිය දෙපාර්ශ්වයේම පුද්ගලයන් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇතැමුන් අසල පිහිටි නිවෙස්වෙත පැනගොස් සැගවී සිටින අයුරුද වාර්තාවී ලුහුබැඳයාමෙන් පසුවයි.
සැකකරුවන් පිරිස අද (08) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
0 Comments