යුවලක් තම විවාහ මංගල්‍යයේ වියදම් කපා හැරීමට තීරණය කළේ ඔවුන් සමීපව ඇසුරු නොකරන අමුත්තන්ව වේටර්වරු ලෙස හැදපැළදවා සමීප නෑදෑ හිතමිතුරන් සදහා "තේ" පිරිනැමීමට ආරාධනා කිරීමෙනි.
"තේ පිරිනැමීමට ගෞරවයෙන් ආරාධනා කරමි" යැයි සදහන් කරමින් මංගල ආරාධනා පත්‍රය එම පිරිස වෙත මනාල යුවළ විසින් ලබාදී ඇති අතර මෙම යුවල එම පිරිසගෙන් වේටර්වරු සහ වේටර්වරියන් ලෙස සැරසී සිටින ලෙස ඉල්ලා තිබේ.
ඒ සදහා ඔවුන්ට සතයක්වත් ගෙවීමක් නොලැබුණු අතර ඔවුන්ට සැලකුවේ මංගල උත්සවයට කුලියට ගත් කාර්ය මණ්ඩලයක් ලෙසය.
කිසිදු මුදලක් නොගෙවූ වේටර්වරුන්ට ඒ සදහා ලැබුණු එකමදෙය චොක්ලට් පෙට්ටියක් පමණක් විය.
මෙම අරුම පුදුම විවාහයට වේටර්වරියක් ලෙස සහභාගිවූ මනාලයගේ මිතුරියක මේ පිළිබදව මෙසේ සදහන් කළාය.
" මම ඇත්තටම සිතුවේ ඇය මගේ පවුලට සමීප කෙනෙක් කියලා, අපි වසර ගණනාවක් තිස්සේ දැනහඳුනන්නෙ, නමුත් දැන් මට තේරෙනවා. ඒක එහෙම නැහැ කියලා. විවාහ මංගල්‍යයට නිසි ආරාධනයක් කරනවා වෙනුවට ඇයට ඕනවුනේ මම වේටර්වරියක් විදිහට ඇයගේ මංගල්‍යයට සහභාගිවෙන්න"
මෙම දිවා භෝජන සංග්‍රහයේදී ඇය අතින් අතින් තේ වත් කරන අතරතුර අහම්බෙන් තේ වැගිරී තිබෙන අතර එයට මනාලියගේ පියා ඇයට පහර දී තිබේ.
මේසයේ සිටි සියල්ලෝම ඇයට සැලකුවේ වෘත්තීය සේවකයෙකුට සලකන ආකරයට වනඅතර ඇයට ස්තූති නොකර නියෝගද ලබා දී තිබෙයි.
කෙසේ වෙතත් වේටර්වරයෙක් විදිහට සහභාගි වූ තවත් පුද්ගලයෙක් පැවසුවේ " වේටර් ඇඳුමකින් සැරසී ඇණවුම් භාර ගැනීමට සහ මිනිසුන්ට සේවය කරන ලෙස ඉල්ලා සිටීම ඉමහත් ගෞරවයක් බවත් මට ඒ ගැන කියන්න වචන නැති බවත්ය"
තවත් පුද්ගලයෙක් මේ සිද්ධිය හා සමාන තවත් කතාවක් ප්‍රකාශ කළේය.“මම විවාහ මංගල්‍යයකට සහභාගී වූණා.. එහිදී මනාලිය තම හොඳම යාළුවාගේ පෙම්වතියට වේටර්වරයෙක් ලෙස ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටියා.මෙවැනි සිද්ධි පුදුමසහගත වුණත් ගැටලුවක් දැනුනේ නැහැ"
0 Comments