වියට්නාමයේ කැණීම් කරන ලද ඇඹරුම් ලෑල්ලක සහ අනෙකුත් ගල් ආයුධවල තිබී සොයාගත් කුළුබඩු වල අංශු වලින් හෙළි වන්නේ කුළු බඩු මිශ්‍ර ව්‍යංජන භාවිතය අවම වශයෙන් වසර 2,000 කට පෙර මිනිසුන් අනුභව කර ඇති බවයි.
මතුපිටින් මීටර් 2ක් (අඩි 6.5ක්) වළලනු ලැබූ වැලිගල් තලය 2018 දී දකුණු වියට්නාමයේ Oc EO [දකුණු වියට්නාමේ ගිඇන්ග් පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථානයකි.]එහි ස්ලැබ් එකේ තිබී සොයාගත් ද්‍රව්‍ය පිළිබඳ නව අධ්‍යයනයකට අනුව, මෙය කලක් පුරාණ අග්නිදිග ආසියාතික රාජධානියේ ෆුනන් ලෙස හඳුන්වන විදේශීය වෙළඳ මධ්‍යස්ථානයක් වූ බව සොයාගෙන ඇත.
පුරාණයේ ව්‍යංජන සකස් කිරීම සඳහා විවිධ කුළුබඩු වර්ග පමණක් නොව ඇඹරුම් මෙවලම් භාවිතයද, සැලකිය යුතු කාලයක් ගැනීමද,ඒ සදහා මිනිස් ශ්‍රමය ද ඇතුළත් වී ඇති බවට පුරාවිද්‍යා හා ස්වභාවික ඉතිහාස දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන ආචාර්යය Hsiao-chun hung පැවසීය.
වසර 2,000කට පමණ පෙර ඉන්දියාවෙන් පිටත පදිංචිව සිටි පුද්ගලයන් පවා ව්‍යංජනවල රස විඳීමට දැඩි ආශාවක් පළ කළ බව ඔවුන්ගේ සූදානමින් පෙන්නුම් කරන බව හුං පැවසීය.
හන්ග් සහ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් පිෂ්ඨය ධාන්‍ය ලෙස හඳුන්වන අන්වීක්ෂීය අවශේෂ විශ්ලේෂණය කරන ලදී-දිගු කාලයක් පුරා සංරක්ෂණය කළ හැකි ශාක සෛල තුළ ඇති කුඩා ව්යුහයන්-ඔවුන් ඇඹරුම් ලෑල්ලෙහි සහ එයට පහර දීමේ මෙවලම් මත සොයා ගත්හ.ඔවුන්ගේ විශ්ලේෂණයෙන් ලොව පුරා විවිධ ස්ථානවල ආරම්භ වූ සූපශාස්ත්‍ර කුළුබඩු කිහිපයක් අනාවරණය විය.කහ, ඉඟුරු,වැලි ඉඟුරු,කරාබු නැටි, සාදික්කා සහ කුරුඳු ඒ අතර විය.
සොයාගැනීම් මගින් කරි - සහ එය සාදන ලද පුද්ගලයින් - අග්නිදිග ආසියාවට සංක්‍රමණය වූ ආකාරය පිළිබඳ ඉඟි සපයනු ලබයි.
පැරණි ව්‍යංජන විශ්ලේෂණය තුළින් පර්යේෂකයන් හඳුනාගෙන ඇති අමුද්‍රව්‍ය වියට්නාමයේ සහ අග්නිදිග ආසියාවේ අනෙකුත් ප්‍රදේශවල ආහාරයට ගන්නා ව්‍යංජනවල අඩංගු ද්‍රව්‍යවලට සමාන බව සොයාගෙන ඇත.
වර්තමානයේ,වියට්නාමයේ ව්‍යංජන පිළියෙළ කිරීම බොහෝ පවුල් සඳහා වඩාත් සරල වී ඇත්තේ සුපිරි වෙළඳසැල්වල ව්‍යංජන කුඩු බහුලව තිබීම හේතුවෙනි.
කෙසේ වෙතත්, වර්තමානයේ භාවිතා කරන ව්‍යංජන වට්ටෝරුව පුරාණ Oc EO යුගයෙන් සැලකිය යුතු ලෙස අපගමනය වී නොමැති බව සටහන් කිරීම සිත්ගන්නා කරුණකි.
සොයාගත් අමුද්‍රව්‍ය මත පදනම්ව වසර 2,000 ක් පැරණි ව්‍යංජනය ප්‍රතිනිර්මාණය කිරීමට කණ්ඩායම සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉවුම් පිහුම් භාජනවල සහ දන්ත ඵලකවල තිබී කහ, ඉඟුරු, වම්බටු සහ අඹවල අංශු මාත්‍රවලින් පෙන්නුම් කරන පරිදි, වසර 4,000 කට පමණ පෙර ඉන්දියාවේ මිනිසුන් ව්‍යංජන රස විඳිමින් සිටි බව අධ්‍යයනය සඳහන් කළේය.
නමුත් මෙම මෑත සොයාගැනීමෙන් හෙළි වන්නේ ව්‍යංජන නිෂ්පාදනය ඊටත් වඩා දිගු කාලයක් පවතින බවයි.
OC EO වලින් ලබා ගන්නා ලද කහ වැනි සමහර අමුද්‍රව්‍ය ඉන්දියානු ව්‍යංජන වල අඩංගු ඒවාට සමාන වන අතර අනෙකුත් සංරචක වඩාත් කැපී පෙනෙන්නේ අග්නිදිග ආසියාතික රටවල් අතරය.
ව්‍යංජන සංස්කෘතීන් සම්බන්ධ කළ ආකාරය ගැන ඔවුන් පෙන්වා දුන්නේ ,මෙම ස්ථානයේ ව්‍යංජන සෑදුවේ කවුරුන්ද යන්න නිශ්චිතවම පැහැදිලි නැති නමුත් ඔවුන් දකුණු ආසියානු සංස්කෘතියේ බලපෑමට ලක් වූ ඉන්දියාවේ සිට සංක්‍රමණිකයන් හෝ වියට්නාමයේ ප්‍රාදේශීය වැසියන් විය හැකි බවය. විශාල ඇඹරුම් ගල - සෙන්ටිමීටර 76 (අඟල් 30) දිග සහ සෙන්ටිමීටර 31 (අඟල් 12) පළල විය.
පුරාණ ඇළ පද්ධතියක් මගින් Oc Eo හා සම්බන්ධ කාම්බෝජයේ සුසාන භූමියක පළමුවන සියවසේ සිට තුන්වන සියවස දක්වා දකුණු ආසියාවේ සිට අග්නිදිග ආසියාව දක්වා ජනගහන සංචලනය හෙළිදරව් කර ඇති බව Hung පවසයි.
තවද ඇත්දළ කාන්තාව ලෙසින් සැලකෙන
වසර 5,000කට පෙර ‘අයිවරි ආර්යාව’ සමඟ වළලනු ලැබූ පළිඟු කිනිස්ස, වෙනත් භාණ්ඩ සොයා ගත් අතර,
නව අධ්‍යයනයේ නිගමනය වූයේ පළමු සහස්‍රයේ මුල් ශතවර්ෂවලදී කලාප අතර සම්බන්ධතා වැඩි වූ විට, දකුණු ආසියානු වෙළඳුන් සහ සංක්‍රමණිකයන් සමඟ කරි වට්ටෝරු අග්නිදිග ආසියාවට පැමිණි බවත් ගෝලීය කුළුබඩු වෙළඳාම සංස්කෘතීන් සහ ආර්ථික පද්ධති සම්බන්ධ කර ඇති ආකාරය පෙන්නුම් කරන බවත් ය.
වඩාත්ම පුදුමයට කරුණ නම්, හෑරීමේදී සොයා ගන්නා ලද සමහර සාදික්කා බීජ තවමත් අද්විතීය සුවඳක් නිකුත් කරන බවයි.
හන්ග් තවදුරටත් පැවසූයේ අපි රසවත් ආහාර රසවිඳින විට, එහි රසයන් ඇති වූ ආකාරය, වට්ටෝරු වල මූලාරම්භය සහ මෙම සූපශාස්ත්‍ර ක්‍රම ප්‍රථම වරට ක්‍රියාත්මක වූයේ කවදාදැයි අපි බොහෝ විට කල්පනා කරමු."යනුවෙන් ය
0 Comments