dan-priyasad-speaks

නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා පොලිස් මූලස්ථානයට පැමිණ සත්ව හිංසාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර පසුව මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය.

"මුතු රාජව තායිලන්තයට නැවත රැගෙන ගියා. අපේ රටේ සත්ව හිංසාව සම්බන්ධයෙන් කතා කරන සංවිධාන කියලා රටේ තැන් තැන් වලට කේලම් කියන චිංචි මානවිකාවන් නිසා තමයි මුතු රාජව නැතිවුනේ. මේ අලියව අපිට නැති කරේ මේ කන්දේ විහාරයේ හාමුදුරුවොද? මේ සම්බන්ධව පරීක්ෂණයක් කරන්න කියන ඉල්ලීම තමයි විශේෂයෙන්ම කරන්නේ. ඇත්ගොව්වා රොෂාන් කියල පුද්ගලයාටත් පැමිණිල්ල දානවා.

පංචාලි තමයි මේ විස්තර ටික කියන්නේ. පංචාලිට කවුද මේ විස්තර ටික දුන්නේ.

මේ රෙයා ශ්‍රී ලංකා කියන සංවිධානය මේ පංචාලි නැමැති කාන්තාව එයාගේ පුද්ගලික ගිණුම් අංකයක් දාලා යම් මුදල් ප්‍රමාණයක් එක්කහු කරලා තියෙනවා කියන විස්තර තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. මුතු රාජවත් අපිට සුව කරන්න තිබුනා. කිසිම වෛද්‍යවරයෙක් දැනුවත් නොකර මේ රාජ්‍ය නොවන සංවිධාන මැදිහත් වෙලා, අපේ රට ලොකු අපකීර්තියක් කරා මේ රෙයා ශ්‍රී ලංකා කියන සංවිධානය. මේ සංවිධානයට කොහොමද මුදල් ලැබෙන්නේ. මේ දේවල් හොයන්න ඕනේ. බෞද්ධ කටයුතු අමාත්‍යංශයේ ඉන්න අමාත්‍ය විදුර වික්‍රමනායක මහත්තයා නිහඬව බලාගෙන ඉන්නවා. අද ලංකාව තායිලන්තයේ පිළිගන්නෙ නැ. පංචාලිලව නිහඬ කරන්න රජය දැන ගන්න ඕන."