danushka-harn-sanath

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හමු වූ බවට ඔවුන් තබා ඇති සමාජ ජාලා සටහන් මගින් පැවසිණි.
හරීන් ප්‍රනාන්දු සහ සනත් ජයසූරිය යන දෙදෙනාම මේ වන විට සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා සිඩ්නි නුවරට ගොස් ඇති අතරවාරයේ මෙම හමුවීම සිදුව ඇත. හරින් මින් ඉහත ක්‍රීඩා අමාත්‍ය ධූරයද දරා ඇති අතර මොවුන් සමග සමීප සම්බන්ධකම් තිබේ.


කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත දැනට සිඩ්නි නුවර සිරවී සිටින ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබී ඇති මුත් එරටින් පිටවීම තහනම්ය. එසේම ඔහුට සමාජ මාධ්‍ය භාවිතයද මෑතක් වනතුරු තහනම් කර තිබී මෑතකදී ලිහිල් කර තිබුණි.

අමාත්‍යවරයාගේ හා සනත් ජයසූරිය තමා හමුවීමට පැමිණීම පිළිබඳව Twitter සටහනක් තබමින්  ධනුෂ්ක ස්තූතිය පළ කර තිබුණි.