deadly-bomb-blast-at-political-rally-in-northwest-pakistan

පාකිස්තානයේ වයඹදිග Khyber Pakhtunkhwa පළාතේ ඉරිදා දේශපාලන රැලියක මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 44 දෙනෙකු මිය ගොස් 130 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.


බජාවුර් ප්‍රදේශයේ කොන්සර්වේටිව් ජමියට් උලමා ඉස්ලාම්-ෆස්ල් (ජූඅයි-එෆ්) පක්ෂයේ රැස්වීමක සිදුවූ  මෙම පිපිරීමට හේතුව තවමත් තහවුරු කර නොමැති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
 මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ඇෆ්ගනිස්තාන දේශසීමා ආසන්නයේ පිහිටි ඛාර් නගරයේ රැස්ව සිටි Jamiat Ulema-e-Islam-Fazl (JUI-F) පක්ෂයේ සාමාජිකයින් ඉලක්ක කරගත්තකි. ප්‍රහාරය නිසා 130 කට  වැඩි පිරිසක් තුවාල ලැබූ අතර, 17 දෙනෙක් බරපතල මට්ටමේ පසුවන බව රෝහල් ආරංචි වාර්තා කර තිබේ.


 පොලිසිය පැවසුවේ ප්‍රහාරකයා රැස්වීමේ වේදිකාව අසල සිට පුපුරණ ද්‍රව්‍ය පුපුරුවා හැර ඇති බවයි.

ප්‍රහාරයේ වගකීම පිළිබඳ මූලික ප්‍රකාශයක් තවම කිසිවෙකු කර නොමැත. නමුත් ISIS හි ප්‍රාදේශීය ශාඛාව මීට පෙර JUI-F පක්ෂ නායකයින් ඉලක්ක කර තර්ජන සිදුකර ඇත්තේ ඔවුන් ඇදහිල්ල අත්හළවුන් ලෙස සලකන බැවිනි. මේ නිසා ISIS ප්‍රහාරයක්ද යන සැකය මතුව ඇත.

පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මෙම පිපිරීම "දැඩි ලෙස හෙළා දකින" බව සඳහන් කළේය.
පරීක්ෂණයක් පැවැත්වෙන අතර, අගමැති කාර්යාලය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රනා සනාවුල්ලාගෙන් සහ කයිබර් පක්තුන්ක්වා රජයෙන් වාර්තාවක් ඉල්ලා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ප්‍රහාරය සිදුවන අවස්ථාවේ වීඩියෝවක්ද මේ සමග පළවේ.