දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි වෘත්තියෙන් ගුරුවරියක වන නිමේෂා මධුවන්ති ගේ පියාට ඇතිවූ හෘද රෝගයක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ගන්නට යාමේදී නාගොඩ රෝහලේදී ඇතිවූ ගැටලුකාරී තත්වය සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කිරීම නිසා ඇයට ජීවිත තර්ජන එල්ලවී තිබේ. පෝස්ටුව පළවූ පසුව ඇගේ නිවසට පොලිසියෙන් හත් දෙනෙකු පැමිණ ඇය බියවද්දා තිබේ.
හැඩූ කඳුලින් යුතුව ඇය මාධ්‍ය ඉදිරියේ ඇගේ කතාව හෙළි කර සිටියාය.
මෙම ගුරුවරියගේ පියා ප්‍රතිකාර ගැනීමට පානදුර රෝහලට මුලින් ඇතුලත් කර තිබු අතර පසුව එම රෝහල මගින් නිර්දේශ කර තිබුණේ මෙම රෝගියාට හෘද රෝග තත්වය හඳුනාගැනීම සඳහා කරන ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් නාගොඩ රෝහලෙන් සිදුකර ගන්නා ලෙසයි.
වසරකට ආසන්න කාලයක් පොරොත්තු ලේඛනයේ සිටි මධුවන්තිගේ පියාට පසුගිය ජුනි මස අදාළ පරීක්ෂණ සිදුකර ගැනීම සඳහා අවස්ථාව උදාවී තිබේ.
“හොස්පිට්ල් එකේ. එන්ජියෝග්‍රෑම් කරපු සීඩී එක දුන්නා. අපිට ඒක බලන්නවත් එපා කියලා තමයි එහෙ ඉන්න සිස්ටර් කියලා දුන්නේ. තාත්තට මේ බයිපාස් එකක් කරන්න ඕන ක්ලිනික් එකට ඇහිල්ල දිනයක් ගන්න කියලා කිව්වා. අපිට මාස දෙකක් පහුවෙලා තමා දිනේ දුන්නේ. ඊට පස්සෙ මං තාත්තව වෙන ඩොක්ටර් කෙනෙක් චැනල් කළා. ඒ ඩොක්ටර්ගෙ ලැප් එකට දාලා බැලුවම හිස් සී ඩී එකක් දීලා තියෙන්නේ අපිට.
ඉතින් මම නාගොඩ හොස්පිටල් එකට ඒ වෙලාවේ කතා කරලා කිව්වා ඕගොල්ලෝ අපිට දීලා තියෙන්නේ එම්ප්ටී සීඩී එකක් බව. හරි මිස් වැරදිලා එම්ප්ටි සීඩී එකක් යන්න පුලුවන් ඇවිල්ල මාරු කර ගන්න කියලා කිව්වා. ඉතින් මම ඊළඟ දවසේ ගියා හොස්පිට්ල් එකට එතන හිටපු සිස්ටර් මොකටද මේ චැනල් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවේ කියලා ඇහුවා.
පස්සේ ඒ සිස්ටර් සීඩී එක අරගෙන ගියා ලැබ් එකට 10 ඉඳලා 2 විතර වෙනකම් මම මෙතන රස්තියාදු කෙරෙව්වා දෙකට විතර ඇවිල්ලා සිස්ටර් කියනවා අපේ මැෂින් එක කැඩිලා සීඩී රයිට් කරන්න විදිහක් නෑ කියල.
මං කිව්වා එහෙනම් මට තාත්තගෙ ලෙඩ විස්තර කාඩ් එක දෙන්නේ කියලා. ඊට පස්සේ පොඩ්ඩක් ඉන්නේ කියලා තව පැයක් විතර ගියාට පස්සේ තමා මට ඒක ගෙනත් දුන්නේ.
මට ඔවුන් කරේ හරි රස්තියාදුවක්. ඒක අසාධාරණයක්.
ඊට පස්සේ මම ඒක ගැන පෝස්ට් එකක් දැම්මා. මගේ සමාජ මාධ්‍ය ගිණුම ඇත්තටම මේ මට කරගන්න දෙයක් නැතිකමට තමා මං ඒ දේ කළේ .
මේ පල කරපු පෝස්ට් එකට ගොඩක් කමෙන්ට් වැටිලා තිබ්බා නාගොඩ හොස්පිටල් එකෙන් අසාධාරණ වෙච්ච ගොඩක් මිනිස්සුන්ගේ.
මෙම පෝස්ට් එක ගැන හොස්පිටල් එකින් පොලිසියට කියල ලොක වැරැද්දක් විදිහට. මං ස්කෝලෙ ඉඳල ගෙදර ආවට පස්සේ. දකුණු කළුතර පොලිසියේ නිලධාරීන් හත් දෙනෙක් හරියට මම ලොකු අපරාධයක් කරලා වගේ අපේ ගෙදරට ආවා.
ඇත්තටම එතන ලොකු මහත්තයෙක් හිටියා. ඒ මහත්තය අපේ ගෙදරට ආවෙ නෑ අපේ ගෙදරට එන්න ගොඩක් ලොකු කන්දක් නැගල එන්න ඕන. එයා පල්ලෙහා හිටියා මට පණිවිඩයක් එව්ව නිලධාරීන් තුන්දෙනා මගේ අතේ පල්ලෙහාට එන්නේ කියල මං කෝ මට පෙන්නන්න තාත්තා ගොඩක් රිපෝට් තියෙනවා ඒ නිසා පුළුවන් නම් එතැනට එන්න කියන්නේ කියලා කිව්වා.
ඇත්තටම ඊට පස්සේ එතන හිටපු නිලධාරියෙක් කෝල් එකක් අරං දුන්නා එස් පී කියනවා තමුසේ දන්නවද මං කතා කරන්න කවුද කියලා මම එස් පී කිහළ මහා පහත් විදිහට තමයි මට ආමන්ත්‍රණය කලේ.
ගෙදර උදේ මට කතා කරපු මහත්තයා කියන ඔයාගෙ පෝස්ට් එක අයින් කර ගන්න නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මං කිව්වා වෙනකොටත් අයින් කරගෙන තියෙන්නෙ සර් කියලා මම මගේ පෝස්ට් එක ඇත්තටම අයින් කරගත්තා.
උසාවිගානේ යන ප්‍රශ්නයක් වෙනවා කියලා මට ලොකු තර්ජනයක් කරමින් තමයි පොලිසිය කථා කරේ.හෙට පොලීසියට කොහොමත් යනවා... මගේ ජීවිතයට කිසියම් හරි කරදරයක් හරි කිසියම් හරි දෙයක් සිද්ධ වුණොත් අනිවාර්යෙන්ම වගකියන්න ඕන දකුණු කළුතර පොලිසිය ඒක මං අනිවාර්යෙන්ම කියනවා මං ජනාධිපතිතුමාගෙන් සෞඛ්‍ය ඇමති තුමාගෙන් කරුණාකරලා නාගොඩ රෝහල මිනිසුන්ට කරන අසාධාරණකම් පිළිබඳ සොයා බලන්න කියල ඉල්ලනවා“
0 Comments