denim-court-case

කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයකින් රුපියල් විසි දහසකට ආසන්න ආයතනයකින් රුපියල් විසි දහසකට ආසන්න සොරා ගැනීමේ සිද්ධියකට වරදකරු වූ තරුණයකුට බරපතළ වැඩ සහිත වසරක  සිරදඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  අධිකරණය ඊයේ (10) නියම කළේය.  විත්තිකරු නොමැතිව වසර 06ක් තිස්සේ නඩු විභාගය අවසන් කළ අධිකරණය, මෙලෙස සිරදඬුවම් නියම කළේ, කොළඹ 08 පදිංචි ආර්.පී.ඩී. චාමර නමැත්තකුටය.



කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම සුප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයේ විකිණීමට තබා තිබූ රුපියල් දහනවදහස් නවසීයක් වටිනා ඩෙනිම් කලිසම් දෙකක් මෙම චූදිත විසින් සොරකම් කරනු ලැබ තිබුණේ ඉකුත් 2017 වසරේ ජනවාරි මස 17 වැනිදා ය.එම සිද්ධිය සම්බන්ධයෙන් මුල් අවස්ථාවේ දී කුරුඳුවත්ත පොලීසිය සී සී ටී වී දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුට අධිකරණයෙන් ඇප නියම කර තිබිණි. පසුව වසර හයක් පුරා එම නඩුව අධිකරණය හමුවේ විභාග වීමෙන් අනතුරුව මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වරදකරුට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවම් නියම කළ අධිකරණය, චූදිතට වරෙන්තු නිකුත් කළේය.


නිමන්ති රණසිංහ