dr-prof-nilanthi-renuka

කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මිය පත්කරනු ලැබ සිටී.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන 24 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම කරනු ලැබ ඇත.


ඉදිරි තෙවසරක කාලයක් සඳහා මෙම පත්වීම කර ඇත.
විශේෂඥ වෛද්‍යවරියකද වන ඇය මීට පෙරද එහි උපකුලපති ලෙස කටයුතු කළාය.


ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රේණුකා ද සිල්වා මහත්මිය කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ලෙසද කටයුතු කර ඇත.මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මිය කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් අතර ලන්ඩන් හයිජින් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබා ගත්තාය.පරපෝෂිත විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරියක ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ

කලක් සේවය කළ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පසුව කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරියක ලෙස පත්වීම් ලැබුවාය.
1993 වසරේ සිට වෛද්‍ය පීඨයේ විවිධ තනතුරු හෙබි වූ ඇය දිවයිනේ පරපෝෂිත විද්‍යාව පිළිබඳ කීර්තිමත් විද්‍යාඥවරියක ද වන්නීය.

කැලණිය විශ්වවිද්‍යාලයේ තවත් තනතුරු කීපයකම සේවය කළ මහාචාර්යවරිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජ්‍ය සභාපතිනිය ලෙස ද කටයුතු කළාය. එහිදී මෙරට වෛද්‍ය අධ්‍යාපනය දියුණු කිරිම සඳහා මහාචාර්යවරිය කීර්තිමත් සේවාවක් කළ්‍යයි.
මෙරට වෛද්‍ය විද්‍යාල සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ද තනතුරු ගණනාවක් මෙබ වූ මහාචාර්යවරිය කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනිය ලෙස ද කටයුතු කළාය. කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිනිය ලෙස මහාචාර් නිලන්ති ද සිල්වා මහත්මිය මෙවර පත් කර ඇත්තේ උප කුලපතිධුරයේ දෙවැනි ධුර කාලය සඳහාවීම විශේෂත්වයකි.