Twitter සමාජ ජාලය මිලට ගත් ප්‍රකෝටිපතියෙකු වන Elon Musk විසින් Art Deco ආකාරයේ කළු සහ සුදු X සඳහා ට්විටර් හි නිල් පක්ෂි ලාංඡනය ඉවත් කරනා බවට පුවත සැලවූ වහාම,චිකාගෝ විශ්ව විද්‍යාලයේ බූත් ස්කූල් ඔෆ් බිස්නස් හි උගන්වන අලෙවිකරණ මහාචාර්යවරයා එය විහිළුවක් ලෙස සිතූ බව පැවසීය.
ඔහුගේ තර්කය වූයේ "පිළිගත් වෙළඳ නාමයක් ගෙන, එය වටා විශාල සන්නාම ප්‍රාග්ධනයක් ඇති අතර පසුව එය සම්පූර්ණයෙන්ම ඉවතට විසි කර, මුල සිටම ආරම්භ කරන්නේ ඇයි?" යන්නයි.
වැඩි දුරටත් ඔහු පැවසුයේ මෙම තීරණය කෙටි කාලීනව අමුතු දෙයක් ලෙස පෙනුනද දිගු කාලීනව එය වැඩ කළ හැකිද? යන්න ගැටළුවක්ව පවතින බවයි.
මේ හේතුව නිසා වෙළඳ ප්‍රචාරණ ආදායම මේ වන විට අඩකින් පහත වැටී ඇති බවත්, විශාල සන්නාමයන් පසුබැසීමත් සමඟ, සමාගම විසින් සත්‍යාපිත ගිණුම් හසුරුවන ආකාරය සහ අන්තර්ගතය මධ්‍යස්ථ කරන ආකාරය ඇතුළුව, ඔහු සිදු කර ඇති වෙනස්කම් ගැන කල්පනාකාරී වන බවත් ඔහු ප්‍රකාශ කරයි.
එසේම රැකියාවෙන් හදිස්සි දොට්ට දැමීම් සහ නොගෙවූ බිල්පත්,නඩු වලට ද මෙය හේතුවක් විය හැකි බව ඔහු පෙන්වා දෙන ලදී.
කන්සල්ටන්සි බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් මෑතකදී ඇස්තමේන්තු කළේ සමාගමේ සන්නාමයේ වටිනාකම ඩොලර් බිලියන 3.9 ක් වන අතර එය පසුගිය වසරට වඩා 32% කින් පහත වැටී ඇති බවයි - එය මස්ක් මහතාගේ “ආක්‍රමණශීලී ව්‍යාපාරික ප්රවේශයන්” නිසා ඇතිව ඇති බව ඔවුන් විශ්වාස කරයි.
නමුත් සමාගමක් ව්‍යාකූලත්වයට පත් වූ විට සාර්ථකත්වය අඩු වන බව බොස්ටන් විශ්ව විද්‍යාලයේ ක්වෙස්ට්රොම් ව්‍යාපාර පාසලේ අලෙවිකරණ මහාචාර්ය ශුබා ශ්‍රීනිවාසන් අනතුරු ඇඟවීය. Mark Zuckerberg's, Threads වැනි සියලුම සමාජ මාධ්‍ය තරඟකරුවන් Twitter හි භූමිකාව පිරවීමට ඉක්මන් වන විට එය විශේෂයෙන් අවදානම් පියවරක් බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
එසේම "නැවත සන්නාමකරණය බොහෝ ට්විටර් භාවිතා කරන්නන්ගේ බිය තහවුරු කිරීමට ඉඩ ඇති බවත් එය ට්විටර් අවසානය සනිටුහන් කරයි ,"යනුවෙනුත් ඇය ප්‍රකාශ කරන ලදී.
නායකත්ව ගැටලුවක් තරම් වෙළඳ නාම ගැටලුවක් සහ සන්නාම අනන්‍යතා ගැටලුවක් ඇතැයි මම නොසිතුවෙමි," මහාචාර්ය ඩූබ් නැවතත් පැවසීය.
කෙසේ නමුදු ජුනි මාසයේදී, උපදේශන සමාගමක් වන ෆොරෙස්ටර් රිසර්ච් විසින් "සුපිරි යෙදුම් කවුළුව වසා ඇත" නමින් වාර්තාවක් ප්‍රකාශයට පත් කරන ලද අතර, එය තර්ක කළේ ගූගල් සහ ඇපල් වැනි තාක්ෂණ දැවැන්තයින් දැනට එක්සත් ජනපදයේ සහ යුරෝපයේ බිලියන සංඛ්‍යාත පරිශීලකයින්ට සුපිරි යෙදුම් වැනි කාර්යයන් ලබා දෙන අතර දැඩි නියාමන බාධක සහ දැඩි තරඟකාරිත්වය අනෙක් අයට අවස්ථාව සීමා කරන බව පෙන්වා දෙන ලදී.
තත්ත්වය එසේ වුවද හාවඩ් ව්‍යාපාරික පාසලේ මහාචාර්ය ඇන්ඩි වු පවසන්නේ වෙනස්කම් නිවැරදි දිශාවට තිබේදැයි අපට විවාද කළ හැකිය, නමුත් ට්විටර් සඳහා වෙනස්කම් අවශ්‍ය වේ යනුවෙනි..
0 Comments