epf-change-rates

ඊපීඑෆ් හා ඊටීඑෆ් සඳහා දායක වන පිරිසට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයෙන් ඇතිවූ බලපෑම ගැන Verité Research අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් පැහැදිලි කිරීමක් සිදු කරතිබේ. ඔහු මෙසේ දන්වා තිබේ.
‘දැන් රජය ඉදිරිපත් කරලා තියෙන ක්‍රමය තමයි ඊපීඑෆ් එකක් හරි ඒ වගේ තියෙන අරමුදල් වලට ලැබෙන පොලී ප්‍රතිශතය අවුරුදු දාසයක් තුළ කප්පාදු කරලා ලැබෙන්න තිබුණ ප්‍රතිශතයට වඩා අඩුවෙන් සියයට නවයයි දශම එකක සාමාන්‍ය ප්‍රතිශතයක් 2038 වෙනකන් ලබාදෙන්න.


දැන් ඊ පී එෆ් මට මගේ අරමුදල් යනවා රස්සාවක් කරන කෙනෙක් හැටියට. එතකොට මගේ සල්ලි මම මේකට දායක වෙන මුදල අපි මොහොතකට හිතුවොත් ඊ පී එෆ්  එකේ නොදා මම දානවා බැංකුවකට එතකොට එතැනින් මට ලැබෙන පොලියට වඩා අඩු එකක් ද දැන් මේ මට දෙන්න යන්නේ.

ඒක ගණනය කරන්න පුළුවන් අද රටේ සෘජුවම වෙනත් ආයතන තුළින් රජයේ බැඳුම්කර ගන්න මේ අවුරුද්දේ මැයි 31 අග වෙනකොට රජය නිකුත් කරලා තියෙන සමස්ත බැඳුම්කරවල සාමාන්‍ය පොලී අගය 13.5.
එකෙන් යනව නමයට..  හතරක්ම අඩුවෙනව.  සියට පනහකට වැඩි ඇත්තටම.. ඒ පොලී අනුපාතය අඩු වෙන්නත් පුළුවන්.
හැබැයි ඉදිරිය ගැන හිතුවාම වැඩි වෙන්ඩ තියෙන ප්‍රවණතාවය වැඩි වුවද රාජ්‍යය මේ වගේ ප්‍රශ්නකාරී විසඳුමක් කරද්දී අවිනිශ්චිත භාවය වැඩියි.
 අනිත් එක අපට විදේශ රටවලින් වලින් ණය ගන්න හැකියාව තාමත් ඉතාමත් අඩුයි. මේ ගිය අවුරුදු දෙකේම රජය සියයට තිහකට වඩා අධික පොලී අනුපාතයක් ගෙවලා මාකට් එකෙන් ණය ගත්තා.


ඉතින් මේක එච්චර ඉක්මනට අඩුවෙන්නෙ නෑ. හැබැයි අපි හිතමු මේ අද තියෙන ගාණට විතරක් ඒ පොලිය ලැබුණොත් සියට 13.5 තමයි එහෙම බැලුවොත් 2038 වෙනකොට ලැබුණොත් අද ඊපීඑෆ් එකේ තියන ට්රිලියන් 3.4  , ට්රිලියන් 25 කට විතර වැඩිවෙනවා. 2038 වෙනකොට හැබැයි අර 9.1 විතරක් ලැබුණොත් ඕක වැඩිවෙන්නේ ට්රිලියන 13 කට විතර වගේ තමයි. ඉතින් ඕකේ වෙනස තමයි 2038 වෙනකොට ට්රිලියන් දොළහක පාඩුවක්  ලැබෙන්න පුළුවන්.

 මේ 9.1 ට පොලිය ලැබුණොත් 13.5 ට ලැබෙන්නේ නැතුව බොහෝ දෙනෙක් කියනවා ඇයි මේ දහතුනයි දශම පහක් ගැන අපි කතා කරන්නේ ඊ පී එෆ් එකට ඇත්තටම ලැබෙන ප්‍රතිලාභය මේ සමස්ත මාකට් එකට ලැබෙන ප්‍රතිලාභයට වඩා අඩුයි කියලා එතන ඊපීඑෆ් එකට එහෙනම් මේ ප්‍රතිව්‍යුහගත කිරීමටත් අමතරව විශාල ප්‍රශ්නයක් තියෙනවා විසඳගත යුතු. ‘