fake-deed

නීත්‍යානුකූල ඔප්පු සහිත අයිතිකරුවන් සිටින ඉඩම්වලට හොර ඔප්පු සාදා ඉඩම් මංකොල්ළකන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක වියයුතුබව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ජයන්ත වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ජයන්ත වීරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ



“වසර ගණනාවක් තිස්සෙ හොර ඔප්පු සාදා ඉඩම් මංකොල්ළකෑමේ ජාවාරමක්“ රට තුළ ක්‍රියාත්මකවන බවත් ඒවැනි ආකාරයේ හොර ඔප්පු නඩු විශාල ප්‍රමාණයක් විභාග කිරීමට නියමිතව අධිකරණය තුළ ගොඩගැසී ඇති බවය.

හොර ඔප්පු සාදන්නන්ට විරුද්ධව හරියාකාර නීතියක් රට තුළ නොමැතිකමින් සහ නඩු විභහග කිරීම කල්යාම නිසා මෙවැනි වංචනිකයින් නීතියෙන් ගැලවී යන බව වසර ගණනාවක නීතීඥ අත්දැකීම්වලින් ඔහු හොදාකාරවම දන්නා බවය.

රට තුළ කලින් කලට මතුවුන ව්‍යයසනකාරී තත්වයන්, එනම් පාස්කු බෝම්බ ප්‍රහාරය, කොරෝනා වෛරසය, ආර්ථික අර්බුදය සහ අරගලය යනාදී දේවල්ද මෙලෙස මෙම වංචනික නඩු විභාග නොවී කල්යාමට බලපා ඇති බව ඔහු ප්‍රකාශ කළේය.



හොර ඔප්පු සාදන වංචනික පුද්ගලයන්ට ඇප ලබා නොදීමේ සහ දීර්ඝ කාලීන සිර දඩුවම් නියම කරන නීතියක් රට තුළ ස්ථාපිතකර නඩු ප්‍රමාද නොකර ඉක්මණින් විභාග කිරීම සදහා අධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩිකිරීමේ පටිපාටියක් රට තුළ ස්ථාපිත කිරීමට අධිකරණ අමාත්‍යයවරයා උත්සාහ කරන්නේ නම් අත්දැකීම් බහුල නීතීඥවරයෙක් විදිහට වගේම මහජන නියෝජිතයෙක් විදිහට තමන්ගේ පූර්ණ සහයෝගය හිමිවන බව”

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ජයන්ත වීරසිංහ මහතා පාර්ලිමේතුවේදී කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.