first-ai-cover-song-sri-lanka

කෘත්‍රීම බුද්ධිය (AI) විසින් ජනනය කරන ලද පළමු ශ්‍රී ලාංකේය සංගීත වීඩියෝ  කවරය "රූරා / ආයේ මා තනිවීලා A.I Visual & Vocal cover" නමින් එළි දැක තිබේ.
"Lanksta Beats" YouTube නාලිකාව මෙම නිර්මාණය සිදුකර තිබේ. කෘත්‍රීම බුද්ධිය (AI) ඇල්ගොරිතම මගින් ජනනය කරන ලද ගායනයත් දෘශ්‍ය අංගත් මෙහි අන්තර්ගතය.

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ පෙරළිකාර පිම්මක් ලෙස මෙය හැඳින්විය හැකි අතර "රූරා / ආයේ මා තනිවීලා A.I Visual & Vocal cover" ලෙස නම් කර ඇති මෙම විස්මිත නිර්මාණය තාක්ෂණයේ සහ කලාත්මක ප්‍රකාශනයේ අපූරු සංකලනයකි.
"රූරා / ආයේ මා තනිවීලා" මුල් ගීත නිර්මාණය සංජුල හිමාල ගේය. අනුෂ්ක  ගුණසෝම විසින් රචනා කර තිබුණි.

 මුල් ගීතය පිරිමි කටහඬකින් පවතින අතර කෘත්‍රීම බුද්ධිය (AI) ගීත කවරය පිරිමි සහ ගැහැණු හඬ භාවිතා කරයි.
ගීතය මේ සමග පළවේ