මේ වනවිට ඉන්ධන හිඟයක් මතුවෙමින් පවතින බවට කතා පැතිර යන අතර අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු බවට අමාත්‍යවරයා දැනුම් දී ඇත.
සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ඉන්ධන මිල සංශෝධනයක් බලාපොරොත්තුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 101ක පෙට්‍රල් 92 සහ පිරවුම්හල් 61ක ලංකා ඔටෝ ඩීසල්, 50% ක් අවම තොග ඊයේ (ජූලි 29) දවස වන විට පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇති අතර ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ඊයේ දිනයේ ඇණවුම් කර ද නොමැති බව ය.
ඒ අනුව, ඊයේ දිනය වන විට ප්‍රමාණවත් ඉන්ධන තොග පවත්වාගෙන යාමට අසමත් වී ඇති සහ ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ඇණවුම් නොකරන ලද ඉන්ධන පිරවුම්හල් පහත දැක්වේ.
0 Comments