galagedara-incident

ගලගෙදර කළුවාන ගම්මානයේ ජීවත්වන අඹුසැමි යුවලකගේ සිරුරෙන් සියුම් ආලෝකයක් විහිදෙන බව හිරු නාලිකාව ඊයේ වාර්තා කර තිබේ. බැලූ බැල්මටම මෙය සිදුවිය නොහැක්කක් බවට පෙනුණත් මහනුවර රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ජනක ජයසූරිය මහතා මේ පිළිබඳ කළ මූලික පරීක්ෂණයේදී මෙම සිද්ධිය පියවි ඇසින්ම අත්දැක තිබෙන බවත් එය ස්ථිති විද්‍යුතයට අදාළ සංසිද්ධියක් ලෙස විද්‍යාත්මකව පැහැදිලි කර ඇති බවත් වාර්තා කර තිබේ.
වෘත්තියෙන් ගොවියෙකු වන සෙනෙවිරත්න බණ්ඩාර මහතාගේ සහ ඔහුගේ බිරිඳ වන ඩබ්ලිව්.ඩී ශ්‍රියානි කුමාරි මහත්මියගේ  සම මතුපිට අඳුරු පරිසරයකදී පිරිමැදීමක් සිදුවන විට සියුම් අලෝකයක් විහිදෙන බව වාර්තා කර තිබුණත් එයට වීඩියෝ සාක්ෂියක් ඉදිරිපත් කර තිබුනේ නැත.

මෙහි එකම බාධකය වන්නේ එය කැමරාවක පටිගත කරගත නොහැකි වීම හා අඳුරු පරිසරයකදී පියවි ඇසින් පමණක් එම ආලෝකය දැකගත හැකි වීම බව එයට හේතු වශයෙන් සඳහන් කර තිබේ.
ඔවුන් ඒ ගැන කියන දේවල් පමණක් වාර්තා කර තිබෙන අතර වෛද්‍ය ජනක ජයසූරිය මහතා ඇතුළු කණ්ඩායමක් ඒ පිළිබඳව විමසීමට එම නිවෙස වෙත ගිය බවත් ඔවුන් මවිතයට පත්ව තිබුණේ පියවි ඇසින් දැකගත හැකි වීම හේතුවෙන් බවත් වාර්තා කර තිබේ.

 මේ අත්දැකීමට මුහුණ දෙන්නේ දිගු කාලයක සිට බවත් ශ්‍රියානි මහත්මිය සිය සිරුරෙන් මෙවැනි රශ්මියක් විහිදෙන බව අත්දකිමින් සිටින්නේ වයස අවුරුදු 13ක් තරම් කුඩා වයසේ සිට බවත් වාර්තා කර තිබේ. මීට වසරක පමණ කාලයක සිට ඇගේ සැමියාද මෙම ආලෝක ධාරා අත්දැකීමට මුහුණ දෙන බව පවසා තිබෙයි.


ප්‍රධාන ධාරාවේ නාලිකාවක් ඔස්සේ කිසියම් විස්මිත සිද්ධියක් වාර්තා කිරීමේදී ඒ සම්බන්ධයෙන් ඇතිවන කථාබහ වැඩිය.ඇතැම් විට එවැනි එක් නාලිකාවකින් පමණක් යම් දෙයක් වාර්තා කරයි නම් ඒ ගැන ඇතිවන සැකයද වැඩිය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් යූටියුබ් පරිශීලකයින් දැක්වූ ප්‍රතිචාර කොටසක්ද පහතින් දැක්වේ.