ganiya-barrister-court

2019 වසරේ නොවැම්බර් මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසළදී ආයුධ සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ප්‍රශ්න කොට ලිංගික හිරිහැර සිදුකළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීම සම්බන්ධයෙන්


වැරදිකාරිය වූ ගානියා බැරිස්ටර් ප්‍රැන්සිස් එම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව ඇයට අත්හිටවූ සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද තීන්දු කළේය.


නීතිපතිවරයා විසින් ඇයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබු අතර කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන  ඇය කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසළදී ආයුධ සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ප්‍රශ්න කොට ලිංගික හිරිහැර සිදුකළ බවට බොරු පැමිණිල්ලක් කර කිසියම් දේශපාලන අවශ්‍යතාවයක් වෙනුවෙන් පෙනී සිටි බවට සාක්ෂි සනාථ විය.



අසත්‍ය පැමිණිල්ලක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි විත්තිකාරියට පෙර වැරදි නොමැති බවට ඉදිරිපත් වූ වාර්තා සලකා බැලීමෙන් අනතුරුව ඇයට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කළ නමුත් මහාධිකරණ විනිසුරුවරයා එය වසර පහකට අත්හිටුවීමට තීරණය කළේය.
එමෙන්ම විත්තිකාරිය විසින් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ද ගෙවිය යුතු බව නියම කළ විනිසුරුවරයා එය ගෙවීම පැහැර හරිනු ලැබුවොත් තවත් මාස තුනක සිර දඬුවම් නියම කරන බවටද නියෝග කර තිබේ.


ගොඨාභය රාජපක්ෂ බලයට පත්වූ කාලයේ 2019 නොවැම්බර් මස 24 වැනිදා රජයේ සේවයේ පාටිපාටියෙන් බැහැරව ස්විට්සර්ලන්තයට පළාගිය පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතා  සමග ඊට දිනකට පෙර නොවැම්බර් මස 23 වැනිදා පැය‍ 9.30ට සම්බන්ධ වී ඔහුට රට යාමට වීසා ලබාදීමට ගානියා බැසිරස්ටර් නමැති මෙම වීසා නිලධාරිනිය සම්බන්ධව සිටි බවට මෙම නඩුවේදී කරුණු අනාවරණය කර තිබුණි.


මේ හේතුවෙන් ඇයට සුදුවෑන් පැහැරගැනීමකට ලක්ව ඇතැයි හිටපු ඇමති රාජිත සේනාරත්න මාධ්‍ය සාකච්ඡාවකින් එලිදරව් කළ අතර ඒ කාලයේ දේශපාලන වාසියක් ගැනීමට එය සිදු කර තිබූ බවට විවේචන මතුවිය.
රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඔහු විසින් මේ පැහැරගෙන යෑමේ සිද්ධිය හා එම පැහැර ගැනීමට ලක් වූ කාන්තාවගේ වර්තමාන තත්ත්වය පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් කියා තිබුනේ‍ ශ්‍රී  ලංකා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනියක් පැහැරගෙන ගොස් ලිංගික අතවර කර පහරදී නිශාන්ත සිල්වා නමැති අයකුට වීසා ලබා දීම පිළිබඳව ප්‍රශ්න කර පැය කිහිපයක් රඳවා තබාගෙන මුදාහැරී බවයි.
කෙසේ වෙතත් ඇය පැහැරගැනීමට ලක්වූ බවට ප්‍රකාශ කර තිබුනේ කිසියම් උසිගැන්වීමක් මත ව්‍යාජ ලෙස යයි කරුනු පළවිය.
ඒ අනුව එම කාන්තාවගේ මානසික තත්ත්වය පිළිබඳ විශේෂඥ මනෝ වෛද්‍ය කණ්ඩායමක් පත්කර වාර්තා කරන ලෙසටද අධිකරණ නියෝගයක් නිකුත් විය. මෙම සංසිද්ධිය හ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීනියන් සම්බන්ධ ගැටලුකාරී තත්වයන්ද මතු කලේය.
වසර තුනහමාරකට ආසන්න කාලයක් විභාගවූ නඩුවෙන් පසු ඇය බොරු කී බවට වරද පිළිගැනීම සමග මෙම නඩුව අවසන් වූයේ අත්හිටවූ සිර දඩුවම් නියම කිරීමෙනි.