geetha-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී මෙසේ අදහස් දැක්වූවාය.

"මේ රටේ මේ සියළු ප්‍රශ්න හමුවේ වැඩියෙන්ම දුක් විඳින්නේ, වැඩියෙන්ම ප්‍රශ්න වලට මූණපාලා තියෙන්නේ කාන්තාවන්. අපි දන්නවා මේ අල්ලස් කියන එක, එක එක ක්‍රම සහ විධි වලින් යනවා. කාන්තාවක්නම් බොහෝ වෙලාවට ලිංගික අල්ලස් කියන දේට බොහෝ විට මුහුණ පානවා.

මේ රටේ අල්ලස දූෂණය කියන දේ තුරන් කරපු දාට විතරයි අපිට ශ්‍රී ලංකාව ගැන කීර්තියක් ඇති රටක් හැටියට ඔළුව උස්සසලා ඉන්න පුළුවන් වෙන්නේ.

විරුද්ධ පක්ෂේ ඉන්නකොට ඒ අය අනිත් අයට කියන්නේ හොරු කියලා. සමහරු කියනවා ඔක්කෝම හොරු කියලා. ඒකෙන් කිසි කෙනෙකුට බයක් සැකක් නෑ, මොකද ඔක්කෝම හොරුනේ. මන්ත්‍රීධූර අහිමි වුණු එදා මෙදාතුර කිසිදු අල්ලස් චෝදනා සහිත කිසි කෙනෙකුට දඬුවම් දීලා නෑ. බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ බොරු පැමිණිල්ලක් දැම්මා කියලා ඒ අයට විරුද්ධව නඩු කියලා ඒ අයට හිර ගෙවල්වල යන්න පවා සිද්ධ වෙච්ච අවස්ථාත් තියෙනවා. නමුත් අසත්‍ය ලෙස බොරු පැමිණිලි කරන අයට ඒ තත්වය උදා කරදෙන්නටත් මෙම පනත මඟින් පුළුවන් වෙලා තියෙනවා.



කාන්තාවකට දූෂණයක්, අකරතැබ්බයක් සිදුවුනෝතින් කී වරක් එම දූෂණයට ලක් වෙනවද මේ රටේ. මාධ්‍ය මඟින් ඇගේ මුළු ජීවිතයම විනාශ කරනවා. තමන්ගේ ගමේ ඒ පළාතේ ඉන්න බැරි වෙනවා. මේ රටේ කීදාහක් පිටරට රස්සා දෙන්න පොරොන්දු වෙනවද? ඔවුන් ඒ ගන්නෙ අල්ලස් නෙමෙයිද? පෞද්ගලික අංශ වලින් කරන දේවල් ගැනත් කල්පනා කරන්න ඕන."