ගතවූ සතියේ කලා ලෝකයේ අපට ආරංචි වුණ සිදුවීම් කිහිපයක් මේ සමග ඉදිරිපත් කරමු.
ශලනි බඳින්න ලෑස්ති වෙයි
ජනප්‍රිය රංගනශිල්පිනී ශලනි තාරකා දැන්මම විවාහවෙන්න බලාපොරොත්තුවක් නැහැ කියලා මාධ්‍යයට ප්‍රකාශකරලා තිබුනත් පසුගියදා ඇයගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් පවත්වන ලද BRIGHT TO BE සාදයේ ඡායාරූප ඇය විසින්ම ඇගේ සමාජ මාධ්‍ය ගිණුම්වල ප්‍රසිද්දකරලා තිබුනා.ආරංචි විදිහට ළගදීම ශලනි විවාහවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
තාත්තාගෙ තුන්මාසෙ වෙනුවෙන් ගයාන්ගෙන් ගීතයක්
ප්‍රවීන ගායනශිල්පී නුවන් ගුණවර්ධන මියගොස් තුන්මසක් පිරීම නිමිතිකරගෙන ඔහුගේ පුත් ගයාන් ගුණවර්ධන සිය පියා ගැන කියවෙන ගීතයක් එළිදැක්වීමට බලාපොරොත්තුවෙන් සිටියි.ගයාන්ද සිය පියාගේ අඩිපාරේ යමින් ඔහුගේ ජනප්‍රිය ගායකයකු මෙන්ම රංගනශිල්පියෙක් විදිහට කටයුතු කරයි.
නීතිරීති දානවට අකමැති ශෙනායා
හිතළග හිනැහුනා, සල්ලි පොකුරු වැනි ටෙලිනාට්‍යයවලින් ප්‍රේක්ෂකයන්ගේ ආලින්දයට එන රංගනශිල්පිනියක් තමයි ශෙනායා වෑන්හොෆ් කියන්නෙ.පසුගියදා ආදරය ගැන මාධ්‍යයට අදහස් දක්වමින් ශෙනායා ප්‍රකාශකලේ ඇය දැන්මම ආදරවන්තියක් වෙන්න බලාපොරොත්තුවෙන්නෙ නැහැ කියලා.මීට කලින් ශෙනායා ආදරය කරලා තියන නමුත් ප්‍රේමවන්තයාගේ නීතිරීති සහ සැකකිරීම් නිසා ඒ ආදර සම්බන්ධයට ඇය තිත තැබුවා කියලා මාධ්‍යයට ප්‍රකාශකලා.නැවත කවදාහරි ඇය ආදරය කලොත් කරන්නෙ නීතිරීති දාන්නෙ නැති සැක කරන්නෙ නැති පුද්ගලයෙක්ට කියලා ශෙනයා ප්‍රකාශකළා.
ජගත් මනුවර්ණ ආපහු ටෙලිනාට්‍ය කරන්නෙ නැහැලු
ජගත් මනුවර්ණ කුළුදුලේ අධ්‍යයක්ෂණය කරපු කොඩිගහ යට ලෙිනාට්‍ය මේ දවස්වල හුගක් ජනප්‍රියයි.හැබැයි ජගත් මාධ්‍යයට ප්‍රකාශකලේ තමන් ආපහු ටෙලිනාට්‍යය නිර්මාණය කරන්නෙ නැහැ කියලා. ඒ තමන්ට කවදාහරි නිර්මාණයක් අධ්‍යයක්ෂණය කරන්න ඕන කියලා ආසාවක් තිබුනු අතර දැන් එම ආසාව මුදුන්පත්කරගෙන අවසාන නිසා යලිත් ටෙලිනාට්‍ය නිර්මාණයට අත නොගහන බව ජගත් ප්‍රකාශකලා.
ඉන්දියානු නළුනිළියො දාලා කරපු සුනිල් ආරියරත්නගේ අලුත් චිත්‍රපටය
මහාචාර්ය සුනිල් ආරියරත්නගේ නවතම චිත්‍රපටයවන කදිර දිව්‍යරාජ සිනමාපටය අගෝසතු මසදී තිරගත කිරීමට සැලසුම්කර තිබෙන අතර එහි මාධ්‍යය දර්ශනය ඊයෙදින සැවෝයි රොක්සි සිනමා ශලාවේදි පැවැත්විණි. මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කරපු යශේදරා චිත්‍රපටයේ මෙන්ම මෙම කදිර දිව්‍යරාජ චිත්‍රපටයේද ප්‍රදාන චරිත නිරූපනයකලේ ඉන්දියානු නළුනිලි යුවලක්. මේ නිසා සිනමා විචාරකයන් මහාචාර්ය සුනිල් ආරියරත්නට කරන චෝදනාව තමයි ඉන්දියානු නළුනිලියන් ලාංකීය සිනමාවට ගෙනත් සිනමාව විනාශ කරනවා කියලා. එයට පිළිතුර දුන්න මහාචාර්යතුමා කිව්වෙ ලංකීය නළුනිලියන් දේවකතා සහ බුද්ධ කතාවලට ගතහොත් ප්‍රේක්ෂකයො විවිධ චෝදනා කරලා චිත්‍රපටය නැරඹ්ම ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියනවා කිලා.ඒ නිසා අලුත් මුහුණුවරක් තියන ඉන්දියානු නළුනිලියන් ගැනීම ප්‍රේක්ෂකයන්ගේ කෝණයෙන් බලනකොට චිත්‍රපටයේ ප්‍රවර්ධනයට වාසිදායක දෙයක් කියලයි මහාචාර්ය සුනිල් ආරියරත්න ප්‍රකාශකළේ.
චිත්‍ර අඳින ශෙහානි
ජනප්‍රිය රංගනශිල්පිනියක්වන ශෙහානි කහඳවල මේ දවස්වල චිත්‍ර අඳින්න පුරුදුවෙනවා කියලා පසුගියදා ප්‍රකාශකළා. ඇයට පොඩිකාලෙ ඉදලා රංගන හැකියාවට අමතරව චිත්‍ර ඇදීමේ හැකියාව තිබුනු අතර එම හැකියාව අත්හදාබලන්නේ දැන් බව ශෙහානි ප්‍රකාශකළා.
කටකතා හැදෙනවට සංජානා කැමතියි
ජනප්‍රිය රංගන ශිල්පිනියක්වන සංජානා ගමාආරච්චි පහුගියදා ප්‍රකාශකලේ කටකතාවලට ඇය ගොඩක් කැමතියි කියලා. පහුගිය දවස්වල ඇය උත්සවයකට ඇදගෙන සිටි ඇඳුමක් නිසා සමාජ මාධ්‍යවල කතාබහට ලක්වුණ අතර ඒ නිසා ඇයට තවත් ජනප්‍රියත්වය හිමිවුනබව සංජානා ප්‍රකාශකළා.
කෙට්ටුවෙන්න ආස නැති ගීත්මා
ජනප්‍රිය නිලියක්වන ගීත්මා බණ්ඩාර මාධ්‍යයට ප්‍රකාශකලේ මහතට ඉන්න තමන් වැඩි කැමැත්තක් දක්වනවා කියලා.පුංචිකාලෙ ගීත්මා ගොඩක් කෙට්ටුවට හිටියා වගේම මේ නිසා ඇය මානසිකව පීඩාවින්දා කියලා ඇය ප්‍රකාශකලා.මේ නිසා දැන් ඇය කැමති මහතට ඉන්නට කියලා තමයි කියන්නෙ.
දුශේනීට ගෙදරින් බඳින්න බලකරනවා
පාරදිගේ ටෙලිනාට්‍යය තුළින් ජනප්‍රියවුන දුශේනි මියුරංගිව ඉක්මණින්ම විවාහකරවන්න ඇගේ දෙමව්පියන් සූදානමින් ඉන්නවා කියලා අරංචියි. ඇගේ දෙමව්පියන් මේ දවස්වල ඇයට විවාහ යෝජනා ගෙනෙන අතර ඉන් එකක් ස්ථීර වූ සැනින් ඇයව විවාහකරදීමට සූදානම්ව සිටියි.
කලාව අතහැර ඔස්ට්‍රේලියාවෙ පදිංචියට යන්න ඉන්න කාවින්ද්‍යා
මෑතකදී විවාහවුන ජනප්‍රිය රංගනශිල්පිනී කවින්ද්‍යා දුල්ෂානි ළගදිම සැමියා එක්ක ඔස්ට්‍රේලියාවෙ පදිංචියට යන්න ඉන්නවා කියලා අරංචියි.කවින්ද්‍යා බාරඅරගෙන තියන නිර්මාණ කටයුතුවල වැඩ අවසන්වුන සැනින් ඔස්ට්‍රේලියාවට යන අතර ලංකාවේ කලා කටයුතුවලට සම්බන්ධවීම ඉන්පසු අඩුවන බව ඇය ප්‍රකාශ කළා.
send your news/gossip: editor@gossiplankanews.com
0 Comments