hasith-nawaratne-death

ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට ගොස් වාසය කරමින් සිටි හසිත් නවරත්න නමැති තරුණයෙකු අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගත් බව විදෙස් මාධය වාර්තා කර තිබේ.
පසුගිය ඉරිදා ඇට්ලන්ටා ක්‍රොගර් අසල මෝටර් රථයක් තුළ මියගොස් සිටියදී මෙම තරුණයාගේ සිරුර හමුව තිබෙන අතර ඒ වනවිටත් එය නරක්වී තිබුණ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එක්සත් ජනපද කෙනසෝ පොලිසිය සඳහන් කරන්නේ
ඇට්ලන්ටා ප්‍රාන්තයේ ක්‍රොගර් නාගරිකයේ කැස්කැඩ් පාරේ සිල්ලර වෙළඳසැලෙන් පිටත වාහනයක් තුළ තිබී මළ සිරුර පසුගිය ඉරිදා දහවල් හමුවූ බවත් මුලදී ඒ කවුරුන්දැයි හරිහැටි නිශ්චය කරගන්නට අපහසුවූ බවයි.



ශ්‍රී ලාංකික-ඇමරිකානු ජාතික හසිත් නවරත්න අතුරුදන් වූයේ ජූලි 2 වැනිදාය. ඔහු අවසන් වරට ඇට්ලන්ටා වෙත ගමන් කළේ ඔහුගේ සුදු 2010 ලෙක්සස් රථයෙන් බව තොරතුරු ලැබුණ බව පොලිසිය පවසා තිබේ.
විමර්ශනය අනුව සොයා ගත් දේහය හසිත් නවරත්නගේ බවට සැකකිරීමෙන් පසු ඔහුගේ පවුලේ අයට දන්වා ඇති අතර හමුවන අවස්තාවේදීත් ඔහුගේ සිරුර නරක් වී තිබිම නිසා මෙය දින කිහිපයකට පෙර සිදුවූ මරණයක් හෝ ඝාතනයක් බවට සැක පළ කර තිබේ.
ෆුල්ටන් ප්‍රාන්තයේ වෛද්‍ය පරීක්ෂක කාර්යාලය මරණ පරීක්ෂණයක් පවත්වා ඇති අතර ඔහුගේ අනන්‍යතාවය සහ මරණයට හේතුව තවම තහවුරු කර අවසන් නැත.


34 හැවිරිදි හසිත් නවරත්න වසර 15 ක් පමණ සිට ඇමරිකාවේ වාසය කරමින් සිටි අයෙකි. ඔහු මූල්‍ය උපදේශකයෙකු වශයෙන් සේවය කර පළපුරුද්ද සහිතව සිටි කෙනෙකු වන අතරම ඔහුගේම ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගියේය.
ජෝර්ජියාවේ කෙනසෝ හි පිහිටි සිය නිවසේ සිට අමෙරිකාවේ ඇට්ලන්ටා බලා යමින් සිටියදී ජූලි 2 වැනිදා සිට අතුරුදන්ව සිටි බව පවුලේ අය දන්වා ඇත. ඔහුට ලබාගත් ඇමතුම් වලට ප්‍රතිචාර නොලැබීමත් ඔහු කාර්යාලයට වාර්තා කර නොතිබීමත් නිසා පොලිසියට පැමිණිලි කර තිබුණි.
 ඉරිදා (9) ඇට්ලන්ටා හි වාහන අංගනයක මෝටර් රථයක් තුළ මියගොස් සිටියදී ඔහු සොයාගැනිණි.

මීට සති කිහිපයකට පමණ පෙර ඇමරිකාවේ අධයාපනය සඳහා ගොස් සිටි තවත් තරුණයෙකු අවාසනාවන්ත රිය අනතුරක් නිසා වැන්කුවර්හිදී මියගොස් තිබුණි.