ලෝක රාජ්‍ය නායකයන් 40දෙනෙකුගේ ඡායාරූප බලා එම රාජ්‍ය නායකයන්ගේ නම් විනාඩියයි තත්පර හයකින් හඳුන්වාදී ජාත්‍යන්තර වර්තාවක් තැබීමට හැටන්, කොටගල ප්‍රදේශයේ අවුරුදු 03ක් වයසැති දැරියක සමත්ව තිබේ.
ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන 'International Book of Records' නැමැති ජාත්‍යන්තර වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවීම සඳහා අන්තර්ජාලය ඔස්සේ එම දැරිය පසුගිය අප්‍රේල් 06වැනිදා ඉදිරිපත් වී ඇත.
සෙන්තුල් කුමාර් භවිෂනා (අවු.03) නැමැති මෙම දැරිය පරිගණකයෙන් ලෝක රාජ්‍ය නායකයන්ගේ ඡායාරූප බලා එම රාජ්‍ය නායකයන්ගේ නාමයන් ව්නාඩියයි තත්පර හයකින් නම් කර එම වාර්තාව තැබූ බව එම දැරියගේ පියා වන සෙන්තුල් කුමාර් මහතා පැවසීය.
තම දියණිය විසින් ජාත්‍යන්තර වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවීම හේතුවෙන් ඇයට හිමි සහතිකය සහ පදක්කම තම දැරිය වෙත මේ වනවිට එවා ඇති බවද හෙතෙම සඳහන් කළේය.
කොටගල, ඩ්‍රෙටන් වතුයායේ පදිංචි තමන් වෘත්තියෙන් කොටගල තැපැල් කාර්යාලයේ සේවය කරන බවත්, තම බිරිඳ ගුරු වෘත්තියේ නියැළී සිටින බවත් පවසා සිටි සෙන්තුල් කුමාර් මහතා, එම වාර්තාව පිහිටවනු ලැබුවේ, තම වැඩිමහල් දියණිය බවද පැවසීය.
එසේම ජාත්‍යන්තර වාර්තාවක් තැබීම සම්බන්ධයෙන් කොටගල වෙළෙඳ සංගමයේ සභාපති විශ්වනාත් පුෂ්පා මහතා ඇතුළු වෙළෙඳ සංගමයේ සාමාජිකයන් ඇයගේ නිවස වෙත ගොස් එම දැරියට උපහාර දක්වා තිබේ.
හැටන් - රංජිත් රාජපක්ෂ
0 Comments