පසුගිය සතියේ සිට පොලිස්පති තනතුරින් සීඩී වික්‍රමරත්න මහතා විශ්‍රාම ගිය අතර ඔහුට නැවත සේවා දිගුවක් පිරිනමන්නට රජයේ අදහසක් නැත. තවදුරටත් එම තනතුර හිස්ව තිබෙන අතර දැනට අවශ්‍යකරන පරිපාලන වැඩ සිදු කරන්නේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධනය.
පොලිස්පතිවරයෙකු හෝ වැඩ බලන පොලිස්පතිවරයෙකු පත්කිරීම ව්‍යවස්ථාදායක සභාවේ සහ ජනාධිපතිවරයාගේ අනුමැතිය යටතේ සිදුවන නමුත් පොලිස්පති ධුරයට පත් කිරීම සඳහා කිසිවකුගේ නමක් මෙතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර නැත.
නිලන්ත -දේශබන්දු යන නම් ඊළඟ පොලිස්පති ලෙස විවිධ අදහස් පළව ඇති පසුබිමක මෙම නිලධාරීන් දෙදෙනාම සිය රාජකාරි වගකීම බරපතල ලෙස පැහැර හැර ඇති ආකාරය පෙන්වා දෙන කාදිනල් හිමිපාණන් එවැනි පුද්ගලයින් රටේ පොලිස්පති ධුරය දැරීම සඳහා නම් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයට ඉඩහැරීම සම්බන්ධව වඩාත් වගකිවයුතු පුද්ගලයා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන බව ප්‍රහාරය ගැන සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ප්‍රකාශ කර ඇතැයි කාදිනල් හිමියෝ පෙන්වා දෙති.
එමෙන්ම බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පාස්කු ප්‍රහාරය සිද්ධවන අවස්ථාවේ දී උතුරු කොළඹ භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති බව මතු කරන කාදිනල්තුමෝ විනාශය සිදුවීමට පෙර එම තොරතුරු සම්ප්‍රේක්ෂණය කළ පණිවිඩකරුවා ලෙස ක්‍රියා කළා මිස ඔහු විනාශය වැලැක්වීමට පියවර නොගත් බව පාස්කු කොමිසමේ අවසන් වාර්තාව උපුටා දක්වමින් කාදිනල් හිමියෝ අවධාරණය කරති.එසේම බොරැල්ලේ සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයට බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ මෙහෙයවූ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කළ ආකාරය මුලුමනින්ම විකෘතියක් වූ අයුරු කාදිනල්තුමෝ පැහැදිලි කරති.
0 Comments