iraj-australia

ඉරාජ් වීරරත්න විසින් පැවැත්වීමට නියමිත සංගීත සංදර්ශන ඕස්ට්‍රේලියානු ජනතාව අතර පවතින සහයෝගීතාවයට සහ සාමයට බාධාවක් මෙන්ම ඕස්ටේලියාව තුල පවතින හර පද්ධතියට හානිකර

බවත්, එමනිසා එම වැඩසටහන් නතර කරවීමට කටයුතු කරන මෙන් එරට ලාංකික සිවිල් සංවිධාන 4ක් විසින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් කරමින් පවතී.



මේ අතර ඉරාජ් වීරරත්න විසින් ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගය කඩාකප්පල් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරමින් ඇති බව චෝදනාවක් එල්ල වී තිබේ.

රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් නීතිඥ මනෝජ් ගමගේ මහතා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ සංවිධාන කිහිපයක් විසින් මෙම ප්‍රසංගය පැවැත්වීමට ඉඩ නොදෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා ඇති බවයි.

තම දේශපාලනයට විරුද්ධ මත දරන කලාකරුවෙකුට එරෙහිව මෙලෙස කටයුතු කරන එම සංවිධාන කොටි සංවිධානය ත්‍රස්තවාදී කටයුතු වලට ඕස්ට්‍රේලියාවේ රැස්වීම පවත්වන විට ඊට විරුද්ධ නොවූ බවද කියා සිටියේය.