jaffna-hospital-incident

යාපනයේ වලිකාමම් ප්‍රදේශයේ පාසලක තුන් වන ශ්‍රේණියේ ශිෂ්‍යාවකට පන්තිභාර ගුරුවරයා විසින් පහර දීම නිසා එම සිසුවිය තුවාල ලබා තිබේ.



එම පහර කෑම නිසා සිසුවියගේ දකුණු අත උස්සා ගැනීමට නොහැකි අන්දමට තුවාල වී ඉදිමී ඇති අතර දෙමව්පියන් මේ සම්බන්ධයෙන් යාපනයේ අධ්‍යාපන බලධාරීන්ට පැමිණිලි කර ඇති බව වර්තා වේ.

තුවාල ලැබූ දැරිය ප්‍රතිකාර සදහා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර අදාළ ගුරුවරයා නිවාඩු ලබා පාසලෙන් බහැරව ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.