
ජය ශ්‍රී ල ගේ දියමන්ති බිස්නස් එකක් කරනව ද නැත්නම් අලුත් වැඩකට අතගහල ද කියන එක ගැන සංවාදයක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන්න ගත්තා. අපිත් මේ ගැන වාර්තා කළා. මේ ගැන එක එක කතා නැගුණු නිසාම ජය ශ්‍රී ලා මේ ගැන ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ පැහැදිලි කිරීමකුත් කරලා තියෙනවා.
‘සෑහෙන හාහෝවක් යනවා. ජය ශ්‍රී කියනවා. රුවිතේ කියනවා. මතුවෙන්න කියනවා. බඩු හොඳයි කියනවා. සැරයි කියනවා. ඇත්තටම අපිට කියන්න ඕන, ඕගොල්ලන්ට ගෙස් කරන්න මං දුන්නේ.
මේක සිංදුවක් ද. නැත්නම්, ජය ශ්‍රී ලා දියමන්ති බිස්නස් එකකට බැහැලද. ජය ශ්‍රීලගේ වෙනම දෙයක් ද. ඔන්න ඔහොම කියලා. ඉතිං, කොහොම වුණත් අපිට කියන්න ඕන, මෙන්න මෙච්චරයි. අපි අලුත්ම අලුත් ලස්සන සිංදුවක්. රුවිතේ. මතුවෙන්න. මතුවෙන්න කියන්නේ, ඕගොල්ලන්ගේ ටැලන්ට්ස් තියෙනවා නම්, ඒ ටැලන්ට්ස් ඔපදාගෙන, මතුවෙන්න කියන එක තමයි මේ කියන්නේ.‘ මේ ගැන අදහස් දක්වන ජය ශ්‍රී රෝහිත කියන්නේ එහෙමයි.
ඒ ගැන වැඩිදුර අදහස් දක්වන ජය ශ්‍රී රෝහිත කියන්නේ ‘දක්ෂයෝ ටිකක් එකතුවෙලා කරපු ලස්සන සිංදුවක්. අපි හිතනවා ඕගොල්ලෝ සියලුම දෙනා ගොඩක් ආදරෙන්, අපේ අනික් සිංදු වගේ මේක වැළඳගනියි කියලා.
ඒවගේම මේක එන්නේ, ජූලි 28 වෙනිදා. ලංකාවේ වෙලාවෙන් 5 ට තමයි රිලීස් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. මතුවෙන්න - රුවිතේ‘ කියලා.
Comments
Post a Comment
Your comment will be visible after approval