july-9-celebration

විරෝධතාකරුවන් දහස් ගණනක් පොලිස් බාධක බිඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට කඩා වැදුණ 2022 ජූලි 9 ශ්‍රී ලංකා ඉතිහාසයේ කැළඹිලි සහගතම දිනයක් වූ අතර එයට අදට වසරකි.

බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව එහි දරුණුතම ආර්ථික අර්බුදයට මීට වසරකට පෙර මුහුණ දී තිබුන අතර ප්‍රධාන හේතුවක් වූයේ විදේශ මුදල් හිඟයයි. මේ නිසා ඛනිජ තෙල්, ආහාර, කඩදාසි, සීනි, පරිප්පු, ඖෂධ සහ ප්‍රවාහන උපකරණ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය විශාල ලෙස අඩුවීමට හේතු වී තිබුණි.
අර්බුදය සෑහෙන කලක සිට මතුවෙමින් පැවති නමුත් තදින් දැනුනේ මාර්තු මැද භාගයේදීය. ඊට හේතුවූයේ ගෑස් හා ඉන්ධන සඳහා පෙළ ගැසී සිටි ජනතාව අතර විරෝධතා මතු වීමෙනි.
අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් සියලුම දේ අලෙවිය නවතා දැමූ කාලයේ ඇතිවූ කලබල පොලිසිය සහ හමුදාව යොදා ඉවත් කෙරුනේ පීඩනය තවත් ඇති කරමිනි.

"ජූලි අර්බුදය" ලෙස හැඳින්වූ කලබලය ඇරඹෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමත් සමඟය.කොළඹ කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කිහිපදෙනෙකු
අත්අඩංගුවට ගැනීමත් සමඟ ඇති වූ විරෝධතාවලට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර ද ඇතුළුව උපරිම බලයෙන් මර්දනයක් කර තිබුණි.
    යන්තම් දින දෙකකට පසුව, ජූලි 8 වන දින, පොලිස්පති චන්දන වික්‍රමසිංහ විසින් "පොලිස් ඇඳිරි නීතිය" ප්‍රකාශයට පත් කරන ලද අතර, බොහෝ නීති විශාරදයින්ට අනුව, එයට කිසිසේත්ම නීතිමය පදනමක් නොමැති විය. ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවා සිය ප්‍රකාශයේ ලියා ඇත්තේ ඇඳිරි නීතිය "නීතිවිරෝධී" සහ "ප්‍රකාශනයේ නිදහස සහ විසම්මුතිය යටපත් කිරීමට අදහස් කරන" බවයි.




මෙම අවිනිශ්චිතතා මැද  පසුදා එනම් ජූලි 9 වැනිදා පොලිස්පතිවරයා විසින් ඇඳිරි නීතිය ඉවත් කරන ලදී. කෙසේ වෙතත්, එයින් ජනතාවගේ කෝපය සමනය කිරීමට නොහැකි  විය. ඈත සිට එක් රොත්වූ ලක්ෂ ගණන් පිරිස ජනාධිපතිවරයාගේ නිවසට යන පා ගමන ආරම්භ කර තිබිණි.

නොනැවතුණු ඉන්ධන බෙදා හැරීම අත්හිටුවීමෙන් විරෝධතාකරුවන් විශාල කණ්ඩායම් විවිධ උපක්‍රම භාවිතා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල පිහිටි චැතම් වීදියට රැස්වූයේ ඔහුට වහා ඉල්ලා අස්වන ලෙස බලකරමිනි.
ජනාධිපතිවරයාගේ නිවස වටකරගෙන සිටින දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන්ගේ රූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ මතුවිය.
ඔවුන් පොලිස් බාධක මැදින් ගමන් කර ජනාධිපති මන්දිරයට කඩා වැදී, ගෝඨාභයට ඉල්ලා අස්වන ලෙස කෑගසමින් සිටියහ.
ලෝකයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය අවධානයද මෙම සිද්දියට ඉක්මනින් අවධානය යොමුවූ අතර
අසාමාන්‍ය ලෙස පෙන්නුම් කළ දර්ශනවලදී, විරෝධතාකරුවන් ගේට්ටු කඩා ඇතුලුවන අයුරු නිවස පුරා ඇවිදින අයුරු සමහරු ජනපතිගේ පිහිනුම් තටාකයට පැන්න අයුරු හා තවත් සමහරු ජනපතිගේ නිදන කාමරයේ බඩු මුයට්ටු අවුස්සන අයුරු මෙන්ම ඔහුගේ යටඇඳුම් පෙන්වා සිනහසෙන අයුරු දැක්විනි.

විරෝධතාකරුවන් ජනාධිපතිවරයාගේ කුස්සියේ ඉවුම් පිහුම් කරමින්, ඔහුගේ ඇඳන් සහ සෝෆා මත විවේක ගනිමින් සිටියා සේම, තවත්  වීඩියෝවක, ඔහුගේ පෞද්ගලික ජිම් එකේ ව්‍යායාම කරමින් සිටිනුද දැකගත හැකි විය.

හමුදාවේ සහාය ඇතිව ගෝඨාභය රාජපක්ෂ වැටළීමට පෙර පළා ගොස් තිබූ අතර ඔහුගේ නිවසට කඩා වැදීමෙන් පසුව ඔහු සැඟවී සිට ඇති බව වාර්තා විය.
වැදගත්ම දෙය නම් ඔහු ඉල්ලා අස්වන බව අවසානයේ නිවේදනය කිරීමය.

පසුව ජුලි 13 දා ඔහු රටින් පලාගිය බව ආරංචි විය.

"මීට පෙර ප්‍රකාශ කළ පරිදි තමන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දී ඇත," අගමැති කාර්යාලයේ නිවේදනයක් සඳුදා නිල වශයෙන් තහවුරු කලේය.
අගමැති රනිල් වික්‍රමසිංහගේ ඉල්ලා අස්වීම ද එදින සිදු වූ අතර පසුව විරෝධතාකරුවන් විසින් ඔහුගේ නිවසටද ගිනි තැබූහ. ඒ සමගම ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ එක්ව මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ විරෝධතාකරුවන්ට ප්‍රචණ්ඩ ලෙස පහර දුන්නේය.
වික්‍රමසිංහ ප්‍රචණ්ඩත්වය ගැන කනගාටුව ප්‍රකාශ කරන අතර, විරුද්ධ පක්ෂ ජූලි 10 ඉරිදා ප්‍රකාශ කළේ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය දක්වා අන්තර්කාලීන සභාග රජයක් පිහිටුවන බවයි.
පසුව එළැඹි සතියේදී පාර්ලිමේන්තු වැඩි බලය හිමි ගොඨාභය රාජපක්ෂ බලයට පත් කළ කණ්ඩායම විසින්ම රනිල් වික්‍රමසිංහ ජනපති පදවියට අභ්‍යන්තර ඡන්දයකින් පත් කරන ලදි.
අරගලය හෝ අරගලකරුවන් එතැනින් නැවතුනේ නැති වුවත් පසුව එළැඹි සති කිහිපයේදී අරගලකරුවන්ට එරෙහි දැඩි රාජ්‍ය මර්දනයක් ක්‍රියාත්මක වූ අතර ඔවුන් ගෝල්ෆේස් පිටියෙන් පළවා හැරිණි.