july-inflation-rate

අද (31) දින, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 ජූලි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කර තිබේ.
 ඒ අනුව  කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය   2023  ජූලි මාසය සදහා 6.3 %ක් දක්වා පහත වැටී ඇත.  එය 2023 ජුනි  මාසය සඳහා 12.0 % ලෙස වාර්තා වී තිබුණි.
 2023  ජූලි  මාසයයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය)  -1.4% දක්වා  පහත වැටී ඇති  අතර  2023 ජුනි මාසයේ දී එය වාර්තා වුයේ 4.1 %ක්  ලෙසයි.
 එමෙන්ම, ජූලි මාසය සදහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 10.5 % ක් දක්වා පහත වැටී  ඇති අතර එය 2023 ජුනි මාසයේ දී 16.2 % ලෙස වාර්තා විය.
මේ පිලිබඳ වැඩි දුර විස්තර වගුව පහතින්