keheliya-sajith

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.



සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් එම ධුරවලින් ඉවත්විය යුතු බව පවසමින්, එම අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (18) උදෑසන සත්‍යග්‍රහයක්ද ආරම්භ කෙරුණි.

එමෙන්ම ඊයේ පස්වරුවේ රැස්වූ  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව තීරණය කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය මේ සතියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමටය.



කෙසේවෙතත් සුළු පිරිසකගේ විරෝධය හමුවේ ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා සූදානම් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර තිබුණි.
මෑත කාලයේ නිතරම සෞඛ්‍ය  ගැටලු හා රෝහල්වල අකාර්යක්ෂමතාව බෙහෙත් හිගය ඇතුළු මාතෘකා ගැන රටේ අවධානය යොමුව ඇති අතර ඊට ඇමතිවරයා වගකිවයුතු බව චෝදනා කරන්නන් පවසා තිබේ.