ජනාධිපති සමාව විධායක ජනාධිපති සතු අනන්‍ය බලයක් බවත් එයට මැදිහත් වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැති බවත් රෝයල් පාර්ක් නඩුවේ විත්තිකරුට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ දී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා පැවැසීය. නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා මෙසේ ප්‍රකාශ කළේය.
යම් අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියෙන් පසු දඬුවමක් නියම කළවිට අධිකරණ ක්‍රියාවලිය අවසන් වේ. විධායක ජනාධිපතිවරයා පත් කරනු ලබන්නේ ජනතාව විසිනුයි. ඒ අනුව ජනාධිපති සමාව විධායක ජනාධිපති සතු අනන්‍ය බලයක්. එය ඉතා වැදගත්. එයට අත පෙවීමට අධිකරණයට බලයක් නැහැ.
ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් පවත්වා ගෙන යා නොහැකියි. මෙම අනන්‍ය බලය ලබා දී ඇත්තේ විධායකය සහ අධිකරණය අතර ඇති සමතුලිතතාව පැවතීම සඳහායි.යම් අයකුට වැරදීමකින් මරණ දඬුවම නියම කළහොත් ජනාධිපතිවරයාට සමාව ලබා දිය හැකියි. මෙය අදාළ වන්නේ අපරාධ නීතියටයි. ඊට අධිකරණයට මැදිහත් වීම ජනතා පරමාධිපත්‍යයට මැදිහත් වීමක්. මෙම පෙත්සම එස්. තුරේරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් හමුවේ විනිසුරු සලකා බැලිණි.
විමුක්ති එස්. රුද්‍රිගු
0 Comments