manipur-violance-updates

මේ වනවිට කලබලකාරී වාතාවරණයක් පවතින ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ මැර පිරිසක් විසින් කාන්තාවන් දෙදෙනෙකු නිරුවතින් පෙළපාලි ගෙන යාමේ ජුගුප්සාජනක සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියාකලාපය පිළිබඳව ප්‍රශ්න මතුවෙමින් තිබේ.
මැයි 4 වන දින සිදු වූ මෙම සිද්ධියේ වීඩියෝවක් අන්තර්ජාලය පුරා කතාබහට ලක්වී තිබෙයි.

පොලිසිය බ්‍රහස්පතින්දා දින සමූහ දූෂණය යටතේ නඩුවක් විවෘත කර, පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් අතර   සිද්ධියට සම්බන්ධ අනෙක් පුද්ගලයනුත් ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බව පැවසීය.

නමුත් බොහෝ අය අසන්නේ ඔවුන්ට ක්‍රියාත්මක වීමට මෙතරම් කාලයක් ගත වූයේ මන්දැයි කියාය.

සිද්ධියෙන් දින කිහිපයකට පසු පොලිස් පැමිණිල්ලක් ගොනු කර ඇති අතර බොහෝ පිරිමින් දර්ශනවල පැහැදිලිව හඳුනාගත හැකිය.

එසේම, එක් කාන්තාවකගේ ඥාතියෙකු විසින් ගොනු කරන ලද ලිඛිත පැමිණිල්ලේ පිටපතක්  බීබීසී මාධ්‍යයට හමුවී ඇති අතර, එයින් මතු වී ඇති භයානක විස්තරයක් නම්, මැර කල්ලියට පොලීසියේ සහයෝගය තිබෙන බවය.

කෙසේ නමුත් පොලිසියද එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුනේ නොමැත.

BBC වෙත නිර්නාමිකව අදහස් දක්වමින් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ මැයි 3 වනදා පොලිසියට ගැටුම් පිළිබඳ පැමිණිලි 6,000 කට වඩා ලැබී ඇති බවත් මෙම සිද්ධිය  සම්බන්ධයෙන් කටයුතු කිරීම ප්‍රමාද වීමට හේතුව "මනිපූර් පොලිසිය කුඩා ඒකකයක් වීම " නිසා බවය. එමෙන්ම මෙම වීඩියෝ පටය රජයට කලින් ලැබුණේ නම් මීට පෙර චූදිතයන් අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබූ බවද ඔහු කියා සිටියා.

දූෂණයට ලක්වුන කන්තාවන් සහ ඔවුන්ගේ ජන කොට්ඨාසය  දැනට මාස දෙකකට වැඩි කාලයක් මියන්මාරයට මායිම්ව ඇති ඊසානදිග ප්‍රාන්තයේ ප්‍රචණ්ඩකාරී වාර්ගික ගැටුම්වලින් පලා යමින් සිටියහ. ඉන් ගොඩක් දෙනෙක් Meitei සහ Kuki ගෝත්‍රික ප්‍රජාවන් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් සම්පූර්ණයෙන්ම වෙන්ව ගෙස් තිබේ. අවම වශයෙන් පුද්ගලයින් 130 ක් මිය ගොස් 60,000 ක් අවතැන් වී ඇත. වීඩියෝවේ දක්නට ලැබෙන දිවි ගලවා ගත් අය කුකිවරුන් වන අතර ඔවුන්ට පහර දෙනු ලැබුවේ Meitei කණ්ඩායමේ මිනිසුන් විසිනි.

ගැටුමේ මුල් දිනවල කාන්තාවන්ට පහර දීම සිදු වූයේ " ආයුධ සන්නද්ධව සිටි පිරිමින් 800 ත් 1000 ත් අතර පිරිසක්" විසිනි.



පැමිණිල්ලේදි ඔවුන් කියා සිටියේ මැර පිරිස ඔවුන්ගේ ගමට පහර දුන් අතර එයින් ඵලා යමින් සිටියදී පොලිසිය විසින් ඔවුන්ව බේරාගත් නමුත් “ප්‍රචණ්ඩකාරී මැර කල්ලිය විසින් පැහැර ගත්” බවය. එහිදී මැරයන් විසින් ඔවුන්ට, ඇඳුම් ගලවා දැමීමට බල කළ තිබේ.

කාන්තාවන් "මහ දවල් අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක් කර ඇති" බව පැමිණිල්ලේ සඳහන් වේ. වීඩියෝ පටයේ දක්නට නොලැබුණත් තුන්වන කාන්තාවට ද ඇඳුම් ගලවා ගැනීමට බල කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

කාන්තාවන් හඬා වැලපෙමින්  තමන් දුන් අයට අනුකම්පාව දක්වන ලෙස අයැද සිටින කලබලකාරී දර්ශන බදාදා දින සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කර තිබිණ.

මේ සම්බන්ධයෙන් සමාජයේ බොහෝදෙනා අදහස් දක්වා ඇති අතර ඉන්දීය අගවිනිසුරු DY චන්ද්‍රචුඩ් ද  ප්‍රකාශකළේ ශ්‍රේෂ්ඨාධිකරණය “වීඩියෝව සම්බන්ධයෙන් දැඩි ලෙස කැළඹී ඇති අතර ආණ්ඩුව මීට විරුද්ධව ක්‍රියා නොකරන්නේ නමි අපි පියවර ගන්නෙමු” යනුවෙන්  ප්‍රකාශ කළේය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා සිටීමත් සමඟ පාර්ලිමේන්තුව ද දින දෙකක් තිස්සේ අඩාල වී තිබේ.

අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද අවසානයේ මනිපූර් ප‍්‍රදේශයේ සිදුවෙමින් පවතින සිදුවීම් සම්බන්ධයෙන් සිය නිහඩතාවය බිඳ දැමීය. මෙම සිදුවීම "ඉන්දියාව ලැජ්ජාවට පත් කළ" සිද්ධියක් ලෙස විස්තර කළ ඔහු, "කිසිදු වරදකරුවෙකුට ගැලවීමක් නැත" යනුවෙන් පැවසීය. මනිපූර් ප්‍රධාන අමාත්‍ය බිරෙන් සිං ද පළමු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් ඊට සම්බන්ධ වූවන්ට මරණ දඩුවම ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

එහෙත් ආණ්ඩුවේ විවේචකයින් පවසන්නේ ප්‍රහාරය පොලිසියට වාර්තා කර මාස දෙකකටත් වැඩි කාලයකට පසුව දැන් පළමු අත්අඩංගුවට ගැනීම සිදුකරතිබීම බලධාරීන් කෙරෙහි විශ්වාසයක් ඇති නොකරන බවයි.

ප්‍රාදේශීය කුකී ගෝත්‍රික සහ කාන්තා සංවිධාන ද ප්‍රාන්තයේ තවත් කාන්තාවන් කිහිප දෙනෙකු දූෂණය කර ඇති බවට චෝදනා කර ඇති අතර කාන්තාවන්ට එරෙහි තවත් දරුණු අපරාධ ගණනාවක් ලැයිස්තුගත කර ඇත. මෙම චෝදනා ස්වාධීනව තහවුරු කිරීමට බීබීසීයට නොහැකි වී තිබේ.
(BBC ඇසුරිනි)