mcdonalds-india

මේ වන විට ඉන්දියාවේ තක්කාලි සම්බන්ධයෙන් අවුල් සහගත තත්වයක් ඇතිව තිබේ. ඒ එය එළවළුක්ද, පලතුරක්ද යන්න ගැන නොවේ. එය හාස්‍යජනක ලෙස මිල අධික වී තිබීමයි.



එදිනෙදා ප්‍රධාන වෙළදාමේ මිල පසුගිය සති කීපය තුල සීඝ්‍රෙයන් ඉහල ගිය අතර  දැන් ඉන්දියාවේ කිලෝවක මිල   සාමාන්‍ය ඉන්දීය රුපියල් 40- 50 සිට රුපියල් 200කට ආසන්න තියුණු මාරුවක් පෙන්වයි.
මිල අධික තක්කාලි විකුණාගන්නට බැරිව වීදිවල විනාශ කර ඇත.


 
මැක්ඩොනල්ඩ්ස් පවසා සිටියේ නව ආහාර සඳහා තක්කාලි එකතු නොකරන බවත් උතුරු හා නැගෙනහිර ඉන්දියාවේ බොහෝ අලෙවිසැල්වල එහි වට්ටෝරු වලින් තක්කාලි ඉවත් කර දැමූ බවත්ය. එයට හේතුව සෘතුමය බෝග ගැටළු හේතුවෙන් ගුණාත්මක තක්කාලි නොමැතිකම  බවත් පැවසීය.

ඉන්දියාවේ ජනගහනයෙන් වැඩි කොටසක් මධ්‍යම හා පහල පන්ති ජනයාට මිල ගණන් දුෂ්කර වී ඇත.

බටහිර පූනේ නගරයේ, එළවළු වෙළෙන්දෙකු තක්කාලි ග්‍රෑම් 250 ක මිල සම්බන්ධයෙන් වාද විවාද කිරීම නිසා පාරිභෝගිකයෙකුගේ මුහුණට බර කිරන තරාදියකින් පහර දී තිබේ.



ඉන්දියාවේ පූජනීය නගරයක් වන වාරානාසිහි, දේශපාලනඥයෙකු තම වෙළඳසැලේ තක්කාලි මිල සම්බන්ධයෙන් මිනිසුන් කේවල් කිරීම වැළැක්වීම සඳහා කරදරකරුවන් එලියට දැමීමට යොදවන සේවකයන්  දෙදෙනෙකු කුලියට ගත් බව වාර්තා වේ.

වගාබිම්වලින් තක්කාලි සොරකම් කරන පුද්ගලයින් සහ තක්කාලි පටවා ගත් ට්‍රක් රථ පැහැරගෙන යාම පිළිබඳ වාර්තා තිබේ.

විශේෂඥයන් පවසන්නේ අයහපත් කාලගුණික තත්ත්වයන් වගාවන්ට හානි වී ඇති අතර, වෙළඳපොලේ ඉන්ධන හිඟකම සහ ඉල්ලුම සහ සැපයුම අතර නොගැලපීම සිදුවී ඇති බවයි. ඉහළ යන මිල ගණන් “තාවකාලික ගැටලුවක්” බවත් ඉදිරි මාස කිහිපය තුළ මිල පහත වැටෙනු ඇති බවත් රජය පවසයි.