muthuraja-thailand

තායිලන්තය ශ්‍රී ලංකාවට දුන් අනෙක් ඇතුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව සොයා බැලීමට කාංචනා සිල්පා අච්චා මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිස කටයුතු කරන බව තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත. කාංචනා සිල්පා අර්ණා මහත්මිය තායිලන්ත පරිසර අමාත්‍ය වරවුත් සිල්පා අර්ත් මහතාගේ වැඩිමහලු සහෝදරිය වේ.

කතරගම විහාරස්ථානයකට පරිත්‍යාග කර සිටින ඇතා යහපත් සෞඛ්‍ය තත්වයකින් සිටින බව නියෝජිත පිරිස තහවුරු කරගෙන ඇති බවත් මහනුවර විහාරස්ථානයකට පරිත්‍යාග කර සිටින ඇතා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති බවත් තායිලන්ත මාධ්‍ය පෙන්වා දී ඇත.



මහනුවර ප්‍රදේශයේ විහාරස්ථානයකට පරිත්‍යාග කර සිටින ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා නියෝජිත පිරිස වේලාවක් ලබාගෙන ඇති බව පී.බී.එස්. වර්ල්ඩ් වෙබ් අඩවිය වාර්තා කර ඇත.තායිලන්තය මෙම ඇතා 1979 වසරේ දී ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති බව එම වෙබ් අඩවිය පෙන්වා දී ඇත.එම ඇතා වෙනත් ස්ථානයකට රැගෙන ගියේ සෞඛ්‍ය හේතු මත බව විහාරස්ථානය විසින් තායිලන්ත නියෝජිත පිරිස දැනුවත් කරනු ලැබ ඇති බව පී.බී.එස්. වර්ල්ඩ් වෙබ් අඩවිය සඳහන් කර ඇත. කෙසේ වෙතත් මෙම ඇතා ද නැවත තායිලන්තයට රැගෙන යෑමට කටයුතු කරා වී යැයි බියෙන් වෙනත් ස්ථානයකට රැගෙන යෑමට කටයුතු කර ඇති බව නිල නොලත් ආරංචි මාර්ග තායිලන්ත නියෝජිත පිරිසට දන්වා ඇතැයි පී.බී.එස්. වර්ල්ඩ් වෙබ් අඩවිය පෙන්වා දී ඇත.



තායිලන්තයට පැමිණි මුතු රාජාගේ සමස්තයක් ලෙස යහපත් බවත් මුතු රාජාගේ තුවාල සෑම දිනකම පිරිසුදු කිරීමට අවශ්‍ය බවත් තායිලන්ත බලධාරීන් ප්‍රකාශ කර ඇත. දින 30 ක නිරෝධායන කාලයකින් පසුව මුතු රාජාගේ සෞඛ්‍ය තත්ත්වය ඉදිරිපස පාදයේ එක්ස්-රේ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බව ද තායිලන්ත බලධාරීන් පෙන්වා දී ඇත. මුතු රාජාගේ බර හේතුවෙන් ඉදිරිපස පාදයේ ඇති තුවාල වලින් පසු කාලීනව බලපෑමක් එල්ල විය හැකි බව ප්‍රතිකාර සිදු කරන වෛද්‍යවරිය ප්‍රකාශ කර ඇත. එසේම සමාජ මාධ්‍යවල සිටින වංචාකරුවන් මුතු රාජා වෙනුවෙන් යැයි පවසමින් ක්‍රියාත්මක කරන වංචනික ආධාර වැඩසටහන්වලට නොරැවටෙන ලෙස තායිලන්ත බලධාරීන් මහජනතාව දැනුවත් කර ඇත.
විමුක්ති එස්. රුද්‍රිගු