nalin-bandara-speaks

සමඟි ජන බලවේගයේ නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තු සභා ගර්භයේදී මෙසේ අදහස් දැක්වීය.

"පැහැදිලිවම පුරවැසිභාවයකින් තොර මන්ත්‍රීවරියක් මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා මේකට තීන්දුවක් ලැබෙයි කියලා. අදිසි හස්තයකින් මේවා ක්‍රියාත්මක වෙනවද කියලා සැකය අපි තුළ තියෙනවා. කුරුණෑගල නගරාධිපතිවරයාට විරුද්ධව හිටපු ආණ්ඩුකාරවරයා වැරදිකරුවෙක් බවට පත් කරලා තියෙනවා. මේ සම්බන්ධව ඔහු නඩුවක් දාලා තියෙනවා. ආණ්ඩුකාරවරයා වෙනුවෙන් එන නීතිඥවරයයි විත්තිය පැත්තෙන් එන නීතිඥයයි එකම වාහනේ නැඟලා තමයි අධිකරණයට ඉදිරිපත් වෙන්නේ.  මේ විදියට දූෂිතයෝ ආරක්ෂා කරන්නද ආණ්ඩුකාරවරු වෙනස් කරේ.



දැන් ආණ්ඩුව ඊපීඑෆ් , ඊටීඑෆ් එකට ශොට් එක දුන්නා. රුපියල් ට්‍රිලියන 12ක්. න්‍යශ්ටික අවි ප්‍රහාරයක් තමයි ඊපීඑෆ් , ඊටීඑෆ් එකට කියලා අපි විශ්වාස කරනවා. ආණ්ඩුව අත තිබ්බේ නෑ මේ රටේ බැදුම්කර හිමියන්ගේ බැඳුම්කර වලට. ඒවා තමයි මේ සුපිරි පැලැන්තියේ තීන්දු තීරණ. මේ අරමුදළට වෙච්ච අසාධාරණය වෙනුවෙන් අපි කරන්න පුළුවන් උපරිම සටන අපි කරනවා. අකුණු පාර වදින්නෙම පොඩි තැනට.

කථානායකවරයා විවාදය අවසන් වෙන තෙක් වෙලාව දික් කරනවයි කියලා නිවේදනය කරලා තියෙද්දී එක පාරටම 7.30 ඡන්දෙ ගත්තා. අද කථානායකවරයා කටයුතු කරන්නෙ පඹයෙක් ආකාරයට තමයි අපි දකින්නේ. විධායකයේ අණට කීකරු කථානායකවරයෙක් තමයි අද පාර්ලිමෙන්තුවේ ඉන්නේ.

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී මේ ගත්තු තීණ්දුව ඓතිහාසික වරදක් විදියට අපි දකිනවා. ජාවාරම්කාරයෝ සීනී වලින් හොරකම් කරා,  සුදු ළූනු වලින් හොරකම් කරා, පොල්තෙල් වලින් හොරකම් කරා. ඒ කාටවත් කිසිම දඬුවමක් නෑ. හැමදාම දඬුවම් විදින්නේ පොඩි මිනිහා."