namal-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අදහස් දැක්වීමක් කරමින් මෙසේ කීය.

“මීළඟ මැතිවරණයකදී සන්ධානගත වීම පිළිබඳව අපි තීරණයක් ගන්නේ මැතිවරණයක් ළං වන විටයි. අපි අපේ පක්ෂය එතැනට ගෙනයනවා. මැතිවරණයක් ක්‍රියාත්මක වන කාලසීමාවේ තමයි සන්ධානගත වීම පිළිබඳ සාකච්ඡා කරන්නේ. අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක පිළිබඳව අපේ බල මණ්ඩලවලින් අහලා තමයි අපි තීන්දුවක් ගන්නේ.

මේ වෙලාවේ අපි ක්‍රියාත්මක වන්නේ මේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කර ගන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා ඇවිල්ලා සහයෝගය දෙන්නෙත් නැතිනම් අනුර කුමාර මහත්තයලගේ පාර්ලිමේන්තු ඉන්න තුන්දෙනා ඇවිල්ලා සහයෝගය දෙන්නේ නැතිනම් පොහොට්ටුවේ අපිත් සහයෝගය නුදුන්නොත් මේ රටට මොකද වෙන්නේ.

අපි එකක් පැහැදිලිව කියනවා. මේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න අපි සහාය දෙනවා. ම

ේ කාරණයේදී මැතිවරණයක් ගෙනියන්න සල්ලි නැති වෙලාවේදී අපි දේශපාලන වශයෙන් රට අස්ථාවර කළොත් රට කොයිබටද යන්නේ. එහෙම වුණොත් අපි අර අරගලයේ මුවාවෙන් මේ රට අස්ථාවර කරන්න බලාගෙන ඉන්න අයගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. අපි විශ්වාස කරන්නේ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මැතිවරණ ආණ්ඩුවේ මුදල් තත්ත්වය සාධාරණ තත්ත්වයකට හැරුණාම තියයි. එතකල් අපි දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න ඕන. මම හැමදාම කියනවා වගේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ධනේශ්වර පන්තියේ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිලාභ අපේ පන්තියේ අපේ ජනතාවට දෙන්න තමයි අපි කටයුතු කරන්නේ.”