natasha-edirisuriya-suddhodana-apology

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නතාෂා එදිරිසූරිය මහත්මියට එරෙහි එක් නඩුවකින් කොළඹ මහාධිකරණය අද ඇප මත නිදහස් කළ අතර ඇයට තවත් නඩු දෙකක් පවතින නිසා තවදුරටත් ඒ වෙනුවෙන් බන්ධනාගාරගත ව සිටී.


කෙසේ වෙතත් ඇයට ඇප ලබාදුන් තීන්දුව ඓතිහාසික එකක් ලෙස සැලකේ.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා ඉදිරියේ නාතාෂා එදිරිසූරිය මහත්මියගේ ඇප ඉල්ලමේ ප්‍රතිශෝධන අයදුම්පත්‍රය, සලකා බැලූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබාදුන්නේය.


සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත හෙවත්, අයි.සී.සී.පී.ආර්. යටතේ නතාෂා එදිරිසූරිය මහත්මිය පසුගිය මැයි 28 වැනිදා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබී ය.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත හඳුන්වා දෙමින් එවක අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා සිදුකළ ප්‍රකාශක් උපුටා දැක්වූ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා, එම පනත ව්‍යවස්ථාදායකය මගින් ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් අරමුණින් බැහැරව අද ක්‍රියාත්ම වන බව ප්‍රකාශ  කළේ ය.

එම පනත අනුව නතාෂා එදිරිසුරිය මහත්මිය සිදුකර ඇති ප්‍රකාශය ආගමික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීමක් සිදු කරන ප්‍රකාශ ලෙස ගත නොහැකි බව ද, විනිසුරුවරයා ඇප නියම කරමින් කියා සිටියේ ය.



නතාෂා එදිරිසුරිය මහත්මියට එරෙහිව තවත් නඩු දෙකක් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග
වන අතර හෙට දිනයේ මහාධිකරණ තීන්දුව මෝසමක් මගින් එම අධිකරණවලට දැනුම්දෙන බව ඇගේ නීතිඥවරු සඳහන් කළහ.

 ICCPR පනත 3(1) යටතේ වරදක් සංස්ථාපනය වන බවට තහවුරු කර ගැනීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේම මානව හිමිකම් කමිටුව මගින් හදුන්වා දුන් ‘රබාත් ක්‍රියාකාරී සැලැස්ම’ යොදා ගැනීම සුදුසු වන බව වන බවත් ඒ අනුව නතාෂාගේ ප්‍රකාශය ජාතික, ආගමික හෝ ආගමික වෛරය සදහා පෙළඹවීම්ක් සිදුකරන ප්‍රකාශ ලෙස ගත නොහැකි බවත් විනිසුරුතුමා තම අදහස් දැක්වීමේදී පැහැදිලි කර තිබුණි.
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කර සිටි නතාෂා එදිරිසූරිය මහත්මිය, අද කොළඹ මහාධිකරණය එක් නඩුවකින් මුදා හැරියේ රුපියල් ලක්ෂක පුද්ගලික ඇපයක් මතයි.ඇය ලබන 12 වන දින දක්වා අනෙක් නඩු වෙනුවෙන් තවදුරටත්  රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.