නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පරේශ්ෂණායතනයට මිලදීගත් යන්ත්‍ර සහ උපකරණ රැසක් භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පැවැතීම හේතුවෙන්, රුපියල් තුන් කෝටියකට ආසන්න මුදලක් නාස්ති වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. මේ අනුව, අවශ්‍යතා නිවැරැදිව හඳුනා නොගෙන සහ නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව මෙම මිලදී ගැනීම් සඳහා දායක වූ සියලුම නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතු බව ද එම විගණන වාර්තාවෙන් නිර්දේශ කර ඇත.
ආයුර්වේද පරේක්ෂණායතනයට අවශ්‍යතාව නිවැරැදිව හඳුනා නොගෙන හා ශක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් වැය කර යන්ත්‍ර හා උපකරණ 14ක් 2015 වර්ෂයේ මාර්තු 16 දින මිලදී ගෙන තිබූ අතර, ඉන් රුපියල් දෙකෝටියකට අධික වටිනාකමකින් යුත් යන්ත්‍ර අටක් 2021 ඔක්තෝබර් 15 වන විටත් සවි කර නොතිබූ බව පවසන විගණන වාර්තාව, රුපියල් එක් කෝටි හතළිස් පන් ලක්ෂයක් වටිනා යන්ත්‍ර හයක් නිෂ්පාදනාගාරය සඳහා අවශ්‍ය නොවන බවට කමිටුවකින් පවා හඳුනාගෙන තිබූ බව ද සඳහන් කරයි.
නිසි කොන්ත්‍රාත් ගිවිසුමකට සහ සේවා හා අලුත්වැඩියා සඳහා ගිවිසුම්වලට එළැඹීමකින් තොරව මෙම කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කර තිබූ බැවින්, සවිකර තිබූ යන්ත්‍ර හා උපකරණ ද 2021 වර්ෂය වන විට භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පැවැතුණු බව එම වාර්තාවේ දැක්වේ. මේ අතර, ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයෙන් තොරව පැමිණීමේ ලේඛන පමණක් පදනම් කරගෙන දෙපාර්තමේන්තුවේ සේවකයන්ට අතිකාල සහ නිවාඩු දින වැටුප් ලෙස රුපියල් පන් කෝටි පනස් තුන් ලක්ෂයක මුදලක් 2021 වර්ෂයේදී ගෙවා ඇතැයි එම විගණන වාර්තාවේ දැක්වේ. එය මුදල් රෙගුලාසිවලට පටහැනි ක්‍රියාවක් බව ද එහි සඳහන් වේ.
මේ අතර, ආයුර්වේද ව්‍යාපෘති කිහිපයකට රුපියල් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂයක මුදලක් වැය කර ඇතත්, එම කාර්යයන් ඉටු වී නොතිබුණු බව විගණන වාර්තාවේ දැක්වේ. ආයුර්වේද සංරක්ෂණ සභාවල පාරම්පරික වෛද්‍යවරුන්ගේ ඔසු උයන් සංවර්ධනයට රුපියල් පන් ලක්ෂයක් ද, පරේක්ෂණ රෝහල්වලට අවශ්‍ය ආයුර්වේද පරේක්ෂණ උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් පනස් ලක්ෂයක් ද, ඖඖෂධ පැළෑටි සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ තරුණ ගොවි ගම්මාන වැඩසටහන සඳහා රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් ද වශයෙන් මෙලෙස ප්‍රතිපාදන වෙන් කර තිබිණැයි කියති. තොරතුරු සඳහන් වන්නේ, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
සුජිත් හේවාජුලිගේ
0 Comments