nawagamuwa-sumana-story

කඩුවෙල නවගමුව ඉහළ බෝමිරියේ ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පල්ලෙගම සුමන හිමියන් කාන්තාවන් දෙන්නෙකු සමග ආවාසගෙයි රාත්‍රිය ගත කිරීමට අදාළ සිදුවීම මේ වනවිට දුරදිග යන නීති කටයුත්තක් බවට පත්වෙමින් පවතී.

පසුගිය 06 වනදා ගම්වාසීන් විසින් පන්සල වටළා පහරදීම් කර තිබුනේ තමන් ඥාතී මවක හා ඇගේ දියණියක සමග හිතවත් කථාබහක නිරතවී සිටින විට යයි ස්වාමීන් වහන්සේ පොලිසියේ පැමිණිලි කර තිබූ අතර එය ප්‍රකාරව මුලින් 04 දෙනෙකුත් පසුව 08 දෙනෙකුත් අත්අඩංගුවට පත් විය.



පොලිස් අත්අඩංගුවට ගත් මුල් පිරිස සිද්ධිය වී පැය කිහිපයකින් 07 වනදා පාන්දරට වන්නට අත්අඩංගුවට ගෙන තිබුනේ ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන වල සිද්ධියට අදාළ වීඩියෝ කොටස් පිටතට යාම වැළැක්වීමට බවට අත්අඩංගුවට පත්වූ සිව් දෙනා සඳහන් කර තිබේ. පොලිසිය ඔවුන් සමග දුරකථනද භාරයට ගෙන තිබූ අතර ඒවායේ දත්ත ‘බැකප්‘ කර තිබුණි. පාන්දරට වන්නට ස්වාමීන් වහන්සේ පොලිසියට පැමිණ සමථයකට එළැඹ වීඩියෝ පිට නොකරන බවට එම 04 දෙනාගෙන් සමථයක් ඇතිකර ඔවුන්ට පොලිස් ඇප මත නිදහස් වීමට අවස්ථාව ලබාදී තිබුණි.

ස්වාමීන් වහන්සේ සිටියේ ගණිකාවන් දෙන්නෙකු සමග බවත් තරුණිය වයස 22කෙනෙකු බවත් වැඩිහිටි මහත සිරරැති කාන්තාව ගැබිණියකව සිටි බවත් තරුණයින් චෝදනා කර තිබේ.මොවුන් 10000 හා 5000 මුදලට ගෙනවිත් තිබුණ ලිංගික ශ්‍රමිකයින් බව සඳහන් කරන තරුණයින් ඉතා පැහැදිලිවම මෙම කාරණා වසන් කර වැටලීම සිදුකළ පිරිස වරදක් කළ ආකාරයෙන් පොලිසිය හැසිරෙන බව චෝදනා කර තිබේ.



වීඩියෝ මැකූ බවට පිළිගෙන මුලින් අත්අඩංගුවට පත් 04 දෙනා නිදහස්කර යැවූ නමුත් 07 වනදා උදැසන සිට වීඩියෝ කොටස් අන්තර්ජාලයට එක්ව තිබූ අතර මේ හේතුවෙන් පොලිසිය බාර ඇමති හා බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මැදිහත්වී ගම්වාසීන් සොයා විශේෂ මෙහෙයුමක් දියත් විය. ඒ අනුව පිටවූ වීඩියෝවල මුහුණු හඳුනාගතහැකි 08 දෙනෙකු අත්අඩංගුවට පත්විය. මේ අය 12 වනදා (හෙට) දක්වා රක්ෂිත බන්ධනාගාරයේ පසුවේ.

විහාරස්ථානයක හිමිනමක් කාන්තාවන් දෙන්නෙකු ඇසුරුකරමින් සිටියදී දායකයින්ගේ පහරකෑමේ සිදුවීමට අදාළව 44 හැවිරිදි පල්ලෙගම සුමන හිමි සම්බන්ධ තවම නිසි විභාගයක් සිදුව නැති බවට චෝදනා කර ඇති ගම්වාසීන් තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් මානව හිමිකම් පැමිණිල්ලක් ගොනු කරන බව දන්වා තිබේ.