ඉන්දියාවේ දිල්ලි අගනුවර යමුනා ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බැවින් එහි පදිංචිකරුවන් සිය ගණනක් ඉවත් කර තිබේ.

මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පැවසුවේ එය වසර 45ක දී ඉහළම මට්ටමට ළඟා වී ඇති බවත්, දැනටමත් "අන්තරායකර සලකුණ" ඉක්මවා ගොස් ඇති බවත්ය.

ජූනි මාසයේ ආරම්භ වූ මෝසම් සමයේදී දිල්ලිය ආසන්නයට වාර් තාගත වර්ෂාපතනයක් දැක ගත හැකි වූ බව බලධාරීහු පවසති.



පසුගිය මාසයේ අගභාගයේදී , වර් ෂාව ආරම්භ වූ දා සිට හිමාචල් ප්‍රදේශයෙහි හි අවම වශයෙන් පුද්ගලයින් 88 දෙනෙකු මියගොස් ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර් තා කළේය.

බදාදා දිනයේදී  , ගඟ අසල තාවකාලික නිවාසවල ජීවත් වූ ජනතාව දිල්ලි නගරයේ පිහිටුවා ඇති සහන කඳවුරු 2,500 න් සමහරක් වෙත ගිය බව රොයිටර් වාර් තා කරයි.

"ජල මට්ටම අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර ගංවතුර වැනි තත්වයක් පවතී" යනුවෙන් කෙජ්රිවාල් මහතා වාර් තාකරුවන්ට පැවසුවේ ජල මට්ටම් "තවත් ඉහළ යාමට ඉඩ ඇති" බවයි.

සෘතුමය මෝසම් වර් ෂාව ඉන්දියාවේ ජීවනාලිය වන නමුත් , සාමාන්‍යයෙන් සෑම වසරකම මරණ හා දේපළ විනාශයන් ඇති කරයි.



මෑත වසරවලදී ඉන්දියාව වැඩි වැඩියෙන් ආන්තික කාලගුණික තත්ත්වයන් අත්විඳ ඇත - නොනවතින වර්ෂාව පැමිණෙන්නේ උතුරු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශය දැඩි තාප තරංගයක් ලැබීමෙන් සති කිහිපයකට පසුවය.

බොහෝ සාධක ගංවතුර ඇතිවීමට හේතුවන නමුත් ,විශේෂඥයන් පවසන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා ඇති වන දේශගුණික විපර්යාස අධික වර් ෂාපතනයට හේතු වී ඇති බවයි.