omalpe-sobitha-speaks

රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ මාධ්‍ය හමුවේ මෙසේ පැවසූහ.

"අපි දැඩි අරගලයක යෙදෙනවා අපේ ජීවිතය කොහොමහරි පවත්වාගෙන යන්න. විදුලි බල මණ්ඩලයෙන් ජනතාවට වෙන අසාධාරණය ගැන අපි දිගින් දිගටම කතාබහ කලා.

පසුගිය දා අමාත්‍යවරයා විදුලි බල මණ්ඩලය මහජනතාවට ප්‍රකාශයක් කලා දැනට පවත්නා විදුලි බිල උසුලාගත නොහැකි බරක් බව පිළිගන්නවා, ඒ සදහා සහනයක් දෙනවා කියලා.

ඒ සහනය තමයි මේ මාසෙ පළවෙනිදා සිට 3%කින් විදුලි බිල අඩු කරනවා කියන ප්‍රතිඥාව. අපි ඉල්ලා සිටියා සාධාරණ සංඛ්‍යාත්මක සහනයක් ලබාදෙන්න කියලා. දැන් නිගමනය වෙලා තියෙනවා 14%ක් විදුලි බිල අඩු කරන්න. මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ස්තූතිවන්ත වෙනවා අපේ ඉල්ලීම පිළිබද යම් ආකාරයක සාධාරණ ප්‍රතිලාභයක් ලබා දෙන්න ප්‍රතික්‍රියාවක් දැක්වීම සම්බන්ධයෙන්.

විදුලිය නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ පැවැත්ම සම්බන්ධයෙන් බොරු ලිපි ලේඛන ඉදිරිපත් කරලා තමයි 3% කින් පමණක් අඩු කරන්න තීරණය කරේ. පෙබරවාරි මාසේ විදුලි බල මණ්ඩලය 66%කින් විදුලි ගාස්තු වැඩිකිරීමට ගන්නා ලද තීරණයත් මේ විදියට වැරදි සංඛ්‍යා ලේඛන කරලා ගත්ත තීරණ. අපට ආපු බිල් 500% ක් වැඩී. සාමාන්‍යයෙන් මහජනතාවට 300%කින් වැඩි වෙලා තියෙනවා.

විදුලි බල මණ්ඩලයේ වංචනික නිලධාරීන් ඇමතිවරයා සමඟ එක්ව ඒකාබද්ධව කරගෙන යන වංචනික වැඩපිළිවෙලට මහජනතාව හැටියට අපිත් ගොදුරු වෙලා තියෙනවා. ඒ වගේම පොලී මුදල් වංචා කරලා ඒ ගොල්ලෝ තම තමන්ගේ පෞද්ගලික වැඩ වලට යොදා ගන්නවා. තවත් හේතුවක් තමයි මේ දක්වා විදුලි බල මණ්ඩලය නියම විගණනයකට යොමුවෙලා නැති වීම. විදුලි බල මණ්ඩලය පාඩු ලැබුවේ මේ දේශපාලකයින්ගේ චෞර ක්‍රියාමාර්ග නිසා. රුපියල් බිලියන 36ක් කපා හැරලා තියෙනවා."